23.05.2022
මාධ්‍ය නිවේදනයයි
පිරවුම්හල් අසල වාර්තාකරණයේ නිරත මාධ්‍යවේදීන්ට මැර පිරිස් පහර දීම තරයේ හෙලා දකිමු! – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
අද දින (මැයි 23) කුරුණෑගල, අනුරාධපුර පාරේ, මිනුවන්ගැටේ සිපෙට්කෝ පිරවුම්හල අසළ වාර්තාකරණයේ නිරතව සිටි වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදී අශෝක චන්ද්‍රසේකර මහතාට හා මැයි 21 වන දා ත්‍රීකුණාමලය මූතූර් සිපෙට්කෝ පිරවුම්හල අසළ වාර්තාකරණයේ නිරතව සිටි මූතූර් මාධ්‍ය සංගමයේ සභාපති, ත්‍රීකුණාමලය දිස්ත්‍රික් ප්‍රාදේශීය වාර්තාකරු එම්. එන්. එම්. බුහාරි මහතාට මැර පිරිස් පහරදී ජංගම දුරකතන පැහැරගෙන තිබේ.
මෙසේ වාර්තාකරණයට බාධා පැමිණවීමට යම් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට අවශ්‍ය වන්නේ නම් ඒ මෙම පිරවුම්හල් තුළ යම් මහජන විරෝධී කටයුත්තක් සිදුවෙමින් පවතින නිසා විය හැකි බැවින් ඒ පිළිබඳ අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව අවධාරණය කරයි.
මෙම පහරදීම තරයේ හෙලා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පරීක්ෂණයක් පවත්වා මාධ්‍යවේදීන්ට තර්ජනය කර, පහරදී, ජංගම දුරකතන පැහැර ගත් මැර පිරිස් වහා අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන ලෙසත් පෙලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකත් කළ මාධ්‍ය හැඳුණුම්පත පෙන්වා තමන් මාධ්‍යවේදියෙක් බව සනාථ කිරීමෙන් පසුවත් දිගින් දිගටම මාධ්‍යවේදීන්ට මෙවන් තර්ජන, පහරදීම්වලට ලක් වීමට සිදුවන්නේ නම් එය පොදුවේ ජනමාධ්‍ය නිදහස හා මාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය සම්බන්ධයෙන් රට තුළ ඇති වී තිබෙන කණගාටුදායක තත්ත්වය පිළිබිඹු කරන්නක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවධාරණය කරයි.