චාල්ස් දයානන්ද විසිනි
කාලාකරුවනි..
එන්න
ඔබේ පැන්සල,පින්සල,
පෑන රැගෙන..
එන්න ඔබේ වීනාව,ගිටාරය
බෙරය,දවුල,උඩැක්කිය රැගෙන
එන්න ඔබේ ,ගැයුම,රැඟුම
වැයුම රැගෙන ..
වයන්න..ගයන්න ..නටන්න ..
ලියන්න ..අඳින්න ..රඟන්න..
අහස ගුගුරුවන ලෙසින් ..
පොළොව දෙදරවන ලෙසින්..
මේ ..අසාධාරණයට,
අයුක්තියට එරෙහිව..
මානව දයාවේ..ආදරයේ
බසින්…! !
එවිට සියලු හදවත්
කම්පනය වනු ඇත ..
සතුරාගේ හදවත්
පුපුරා යනු ඇත ..! ! !
නොනවතින්න..
ආපසු නොහැරෙන්න..
දරුවනි.
මේ …..
උඹලාගේ වාරයයි..දරුවනි..!
( සර්පයින්ගේත් ,දුර්ජනයින්ගේත්
අදහස් ඉටුනොවන නිසාම ලොව
පවතින්නේය ..පංච තන්ත්රය ..”)
ලෝකයේ පැවැත්ම ආදරයයි..
ආදරයේ භාෂාව කලාවයි..!