සුන්දර ගිරාගම රැක ගනිමු ..!!

අවුරුදු 70 ක් මේ රටේ ගුරු පරපුර පුහුණු කල පුණ්‍ය භූමිය ..ගිරාගම ගුරු විදුහල විනාශ කිරීමට ඉඩ නොදෙමු. විකිණීමට ඉඩ නොදෙමු .අවුරුදු 5 කට පාර්ලිමේන්තුව ට ගිය පුද්ගලයකු ට අවුරුදු 70 ජාතික මෙහෙවරක් ඉටුකල මහා ජාතික උරුමයක් විනාශ කිරීමට අයිතියක් නැත …මෙම ජාතික අපරාධයට සියලු පුරවැසියන් එරෙහි විය යුතුය …මේ මෙම ශුද්ධ භූමිය බේරා ගැනීමට බේද නොතකා ඉදිරියට පැමිණිය යුතු කාලයයි…!!

      අක්කර 16 වන ගිරාගම ගුරු විදුහල් භූමිය මාම්පිටියේ දිසාව විසින් 1946දී ගුරු පුහුණු විදුහලක් ඇරඹීමට රජයට පවරා  දුන්නාට පසුව අද වන තෙක් ගුරු විදුහලක් ලෙස මහා කාර්‍යය භාරයක් ඉටු කරමින් තිබේ.

        1972 දී සෞන්දර්ය ගුරු විදුහල බවට පත් කලේ මකුලොලුව, පනීභාරත, ගීතදේව, ඇතුළු මහා කලා කරුවන්ගේ මැදිහත් වීමෙනි .පලමු විදුහල්පති වරයා වූයේ මකුලොලුව මහතාය .ශාන්ති නිකේතනයේ අනුරුවක් පරිදි කලා නිකේතනයක් කිරීමට ඒ විශිෂ්ඨ මිනිසුන් මහත් කැප කිරීමක් කලහ.

       එදා මෙදා තුර මේ රටේ සියලු සෞන්දර්ය ගුරුවරුන් පුහුණු කලේ මේ ආයතනයයි.

          මෙය වසා දමා වෙනත් ආයතනයකට විකිණීමට යන බව දැනගන්නට ඇත …සිසුන් අඩුබව හේතු කරගෙන කූට ව්‍යාපාරයක් කිරීම මෙහි යටි අරමුණවේ.

     ඒ සදහා යෝජනා 8 ක් අප ඉදිරිපත් කර ඇත .ගුරු පුහුණුව යාවත්කාලීන කිරීම ,සියලු සෞන්දර්ය ගුරු වරුන්ට .(.උපාධි ධාරීන් ඇතුලු…)කෙටි කාලීන වෘත්තිය පුහුණුව ,ප්‍රාතමික හා පෙර පාසල් ගුරුවරුන් ට ලමාචිත්‍ර ,ලමා සෞන්දර්ය පුහුණුව දීම ,ආදී යෝජනා ඉදිරිපත් කර ඇත .

            මෙය වසා දැමීම වෙනුවට සංවර්ධනය කිරීම කල හැක .

       නමුත් පෞද්ගලික ලාභය වෙනුවෙන් දේශපාලන කපටින් වෙනත් හේතු ඉදිරිපත් කර මේ භූමිය පැහැර ගැනීමට සැරසෙන බව දැනගන්න ට ඇත.

        මේ උතුම් භූමිය බේරා ගැනීමට සියලු දෙනා එක් වන ලෙස අපි ඉල්ලා සිටිමු.

සමස්ත ලංකා චිත්‍ර කලා අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමය
සෞන්දර්ය අධ්‍යාපන වේදීන්ගේ සංසදය ..

Loading