ATG පාලකයින්ගේ අනීතික වෘත්තීය සමිති මර්ධනය පිළිබඳ කාදිනල් හිමිපානන්ගේ ප්‍රමුඛ අවධානය …

ATG පාලකයින්ගේ වෘත්තීය සමිති මර්ධනය පිලිබඳ අතිඋතුම් කාදිනල් හිමිපානන් දැනුවත් කෙරේ……

ATG පාලකයින්ගේ අනීතික වෘත්තීය සමිති මර්ධනය පිළිබඳ කාදිනල් හිමිපානන්ගේ ප්‍රමුඛ අවධානය ……

වතුපිටිවල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ පිහිටි  ATG ආයතනයේ සේවකයින් විසින් පිහිටුවාගත් වාණිජ හා කාර්මික සේවක සංගමය ATG ශාඛාව පිළි නොගනිමින් එහි නායකයින් 16 දෙනෙකු සේවයෙන් නෙරපීමට ATG පාලකයින් කටයුතු කර තිබේ.

ATG පාලකයින්ගේ මෙම  ම්ලේච්ච ක්‍රියාපිළිවෙත පිලිබඳ  අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් දැනුවත් කිරීම 2021 නොවම්බර් 23 වන දින කොලඹ රදගුරු නිල නිවසේදී සිදුකරන ලදී.

මෙම අවස්තාවට වාණිජ හා කාර්මික සේවක සංගමයේ සභාපති ලීනස් ජයතිලක සහෝදරයා ඇතුලු නිලධාරීන් පිරිසක් සහ ATG ශාකා වෘත්තීය සමිතියේ පිරිසක් ද සම්බන්ද විය.

දියුණු ප්‍රජාතන්ත්‍රවාදී නූතන සමාජය තුළ සේව්‍ය සේවක සබඳතාව (වෘත්තීය සමිති සහ පාලකයින්) ආයතන සුභ සිද්ධිය සඳහා සහයෝගයෙන් කටයුතු කලද, ATG පාලකයින්ගේ මෙම අත්තනෝමතික ක්‍රියා පිලිවෙත සමාජයේ සියලු කණ්ඩායම් ප්‍රතික්ශේප කරමින් ඇත.

අති උතුම් කාදිනල් හිමිපානන්වහන්සේ මේ පිලිබඳ මැදිහත් වී කටයුතු කිරීමටත් එහිදී එකඟතාවය පළ කරන ලදී.

Loading