නිර්ධන පන්ති ව්‍යාපාර සහ පරත්වාරෝපණය

මාක්ස්  සහොදරයා  කම්කරු පංතිය යන්න පැහැදිලි කරද්දී, එය සමාජය තුළ නව සහ ගොඩනැගෙමින් තිබූ සමාජ කණ්ඩායමක් විය. එය එම යුගයේදී බටහිර යුරෝපය තුළ පවා ඉතා කුඩා කණ්ඩායමක් විය. ලෝකයේ අනෙකුත් ප්‍රදේශවල කම්කරු පංතියේ පැවැත්ම ඉතා දුර්ලභ විය. එසේ වුවද, මාක්ස් විශ්වාස කළේ, ධනවාදයේ වර්ධනයට වැඩි වැඩියෙන් නිදහස් කම්කරුවන් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බව ය. මෙහි “නිදහස්”  යන්න මාක්ස් සඳහන් කළේ ද්විත්ව අර්ථ සහිතව ය. කම්කරු පංතිය ජනගහනයෙන් ශාතිශය බහුතරය බවට පත්වනු ඇත. එය විසින් ඔවුන්ගේ විප්ලවීය ශක්තිය තවත් පැත්තකින් වැඩි කරනු ඇත.

  ඉතිහාසයේ පැවැති සියලු විප්ලවවාදී ව්‍යාපාර එක්කෝ සුළුතරයේ ව්‍යාපාර හෝ සුළුතරයේ අවශ්‍යතා වෙනුවෙන් වූ ව්‍යාපාර විය. නිර්ධන පංති ව්‍යාපාරය වූ කලී සාතිශය බහුතරයේ අවශ්‍යතා නියෝජනය කරන සාතිශය බහුතරයේ සවිඥානික හා ස්වාධීන ව්‍යාපාරයකි.” යනුවෙන් මාක්ස් කොමියුනිස්ට් ප්‍රකාශනයේ ලිව්වේ ය. 

      මෙම උපකල්පනය සම්පූර්ණයෙන්ම නිවැරදි බව ඔප්පු වී තිබේ. මේ වන විට මුළු ලොව පුරාම විහිදුණු අතිවිශාල ගෝලීය කම්කරු පංතියක් බිහිවී තිබේ. සිදුවෙමින් පවතින වර්ධනයන් විසින් අතිවිශාල ජනගහනයක් තම ජීවිත පැවැත්ම තවත් කෙනෙකුට තම ශ්‍රමය විකිණීම මගින් සරි කර ගනිති. අතිවිශාල කණ්ඩායම් ප්‍රදාන වශයෙන්ම නගර තුළ ඒකරාශී කර තිබේ. එමෙන්ම සංවර්ධිත රටවල ද කම්කරු පංතිය දැනුදු අතිවිශාල ය. සංවර්ධිත රටවල කම්කරු පංතියේ ද්‍රව්‍යමය මට්ටම, සංවර්ධනය වෙමින් පවතින රටවල කම්කරුවන්ට වඩා යහපත් වුවද, ඔවුන්ද තම පැවැත්ම සහමුලින්ම රඳා පවත්වාගෙන තිබෙන්නේ ‘රැකියාව’ මත ය.

      නිර්ධනයා පිළිබඳ මාක්ස්ගේ විශ්ලේෂණය මගින් පරත්වාරෝපණය යන්න දෙපැත්ත කැපෙන කඩුවක් ලෙස දකින බව අපට පෙනේ. ධනවාදය විසින් ගෝලීය මට්ටමින් ම පරත්වාරෝපණයත්, පීඩාවත්, සූරාකෑමත් කර ඇතිවා සේම, එය විසින් අන් කිසිදා නොපැවති අයුරෙන් විප්ලවීය වෙනසකට අවශය වටපිටාව ද නිර්මාණය කරමින් තිබේ. මහා පරිමාණයෙන් පැතිරුණු පරත්වාරෝපණය විසින්ම  එය මුලිනුපුටා දමන හා අභාවයට යවන තත්ත්වයන් හා ත්වරකයන් නිර්මාණය කර තිබේ. කම්කරු පංතිය සම්පූර්ණයෙන්ම දේපළවලින් තොර පංතියක් වීම නිසා පංති භේදය අහෝසි කිරීමේ විභවතාව ඔවුන්ට ඇති බව මාක්ස් දුටුවේ ය. එමෙන්ම එය ගෝලීය පරිමාණයෙන් පැතිර පවතින පංතියක් නිසා කම්කරු පංතියට සමස්ත මිනිස් ප්‍රජාව නියෝජනය කළ හැකි කළ හැකි බව ද මාක්ස් කීවේ ය.

      “කම්කරු පංතිය විසින් පෞද්ගලික දේපළ අයිතිය අහෝසි කරන ලෙස ඉල්ලා සිටීමෙන් අදහස් වන්නේ එය මුළුමහත් සමාජය අරභයාම පොදු ප්‍රතිපත්තියක් යෝජනා කරන බව යි. එනම්, සමාජය විසින් මෙතෙක් කම්කරු පංතිය සම්බන්ධයෙන් අනුගමනය කරන කරන ලද ප්‍රතිපත්තියම ය.”  කම්කරු පංතිය පිළිබඳ මාක්ස්ගේ සහ එංගල්ස්ගේ ඇති විශ්වාසය 1844 හා 1848 වකවානුවේදී ජනතා නැගිටීම්, විප්ලව සිදු වෙමින් පැවති පසුබිමක සිට ලියූ ‘කොමියුනිස්ට් ප්‍රකාශනය’ තුළින් ද පැහැදිලි ව විද්‍යාමාන වෙයි.  “විශ්ව සමාජ ප්‍රතිසංස්කාරකයෙකු ලෙස පෙනී සිටීමට තැත් කරන එක් හෝ තවත් පුද්ගලයකු විසින් නිපදවන ලද නැති නම්, සොයා ගන්නා ලද සංකල්ප හෝ මූලධර්ම මත කොමියුනිස්ට්වාදීන්ගේ න්‍යායික නිගමනයන් කිසි ලෙසකින්වත් පදනම් වී නැත.”

   “හුදෙක් වාස්තවික ලෙස පවතින පංති අරගලයක් තුළින්, අපේ ඇස් ඉදිරියේම කෙරීගෙන යන ඓතිහාසික ක්‍රියාදාමයන් තුළින් පැනනඟින සබඳතාවන් පොදුවේ ප්‍රකාශ කිරීම පමණක් මේ න්‍යායික නිගමනයෙන් කෙරේ.”      

නීමේෂ් දේවන්ග විසිනි

Loading

Related posts