මියගිය අය සිහිකිරීමට පාට දෙකේ කොඩි උවමනාදැයි වීරවංශ කල ප්‍රශ්න කිරීමක් දක්නට ලැබුනි. ඉල් මහ දකුණේත් උතුරේත් අරගල වලින් මියගිය අය සමරන මාසයකි.
දකුණේ විරුවන් සමරන්නන් රතු පාට කොඩි වැල් අදිති. රතු කොඩි ගස් සිටුවති.. උතුරේ රතු කොඩි නොව ඔවුනට ආවේනික කොඩි ඔසවසති. දකුණේ ඔසවන කොඩි ගැන උතුරේ ජනයා ප්‍රශ්න නොකරන මුත් උතුරේ ජනයා කොඩි උසවන විට දකුණේ බොහෝ අයගේ ඇගේ කහබිලියා ඇතිල්ලුනා සේ, කටුස්සන් ඇගේ යන්නා වැනි වෙති.
උතුරේත් දකුණේත් තරුණයින් අවි අතට ගත් හේතූ ගැන ඔවූහු කතා නොකරති. අසමාන ලෙස , අවමං සහගත ලෙස සැලකීම මේ කොඩි හුටපට වලින්ද පෙන්නා දෙයි.
බාලකුමාර මා හදුනාගත්තේ බූස්ස රැඳවුම් කඳවුරේදීයි. ඔහු එල්.ටී.ටී.ඊ යට බැදි ඇත්තේ කුඩා කාලේදීයි. ඊට හේතුව ඔහුගේ සොහොයුරකු හමුදාව විසින් ඝාතනය කිරීම යැයි ඔහු කියූ බව මතකයි. ත්‍රස්ත පනත යටතේ අවම වශයෙන් වසර තුනකට ආසන්න කාලයක් රඳවා සිටි ඔහුට එරෙහීව තිබූ චෝදනාව වූයේ ” ව්‍යාජ හැදුනුම්පතක් සහ විදේශ ගමන් බල පත්‍රයක් සන්තකයේ තබා ගැනීමයි”
එක් වරදකට වසර පහ බැගින් ඔහුට වසර දහයක සිර දඩුවමක් හිමිවූයේ ත්‍රස්ත පනත යටතේ රදවාගෙන සිටි කාලයට අමතරවයි.
ව්‍යාජ ලිපි ලේඛණ සැකසීම , ව්‍යාජ හැදුනුම්පත් , ව්‍යාජ ගුවන් ගමන් බලපත් සැකසූ වා යැයි චෝදනා ඇති විමල්, ශෂී සහ ඩයනා නීතිය ඉදිරියේ බාලකුමාර්ට වඩා ඉහලින් සිටී.
ඒ නිසාම හිරගත නොවී ” පාට දෙකේ කොඩී ඕනමදැයි” කලක් රතු කොඩි පමනක් එසවූ විමල්ට ඇසීමට හැකිවී තිබේ..