“එක්කෝ ලියන්න ඕනේ, නැත්නම් පිටත් වෙන්න ඕනේ.”

“එක්කෝ ලියන්න ඕනේ, නැත්නම් පිටත් වෙන්න ඕනේ.මේ විදිහට කම්මැළි ව වාඩිවෙලා ඉන්න එපා.”

“ඉවසන්න, අපි ගැන ලියද්දී කියවන අයට ඉන්ස්ප්‍රේෂන් එකක් ඇති වෙන්න එපාය, කල්පනා කරල නේ ලියන්න ඕනේ.”

“අපි ගැන ද ලියන්නේ, මොනව ද ලියන්නේ? කෙල්ලෙක් පස්සේ ඇවිදලා විභාගය අසමත් වෙලා හොරෙන් ලන්ඩන් ආපු එක ගැන ද ලියන්නේ? හොඳට ලියන්න අනාගත පරපුරේ අය කියවලා ඉන්ස්පයර් වෙයි.”

“අවුරුදු පහක් තිස්සේ ඇවිත්, බලාගෙන ඉඳල මොකුත් නැති නිකමෙක්ට දොස්තර කෙල්ලෙක් කැමැත්ත දුන්න එක ජයගැනීමක් නේ…?”

“ජයක් තමා, ලියන්න, සම්මාන ලැබෙයි.” 

(අතිශය අභ්‍යන්තර පරීක්ෂණය – පිටු 132, 133)

ඔහු ලියන්න හදන්නේ කුමක් ගැනද? කවුරු ගැනද? ඉන් ඔහුට ලැබෙන්න යන්නේ මොන වගේ සම්මානයක්ද?

ඒක දැනගන්න ජෙගන් ගනේෂන් පරිවර්තනය කළ “අතිශය අභ්‍යන්තර පරීක්ෂණය” කියවන්න. 

සෑම සෙනසුරාදාවකම පැවැත්වෙන The Asian Review Sinhala ලේඛක-පාඨක සහෘද කතාබහ මෙවර වෙන්වන්නේ ‘අතිශය අභ්‍යන්තර පරීක්ෂණය’ වාර්ගික අර්බුදය පිළිබඳව ලියැවුණ දෙමළ කතා, පරිවර්තිත කෙටිකතා සංග්‍රහය පිළිබඳ කතාබහටයි.

නොවැම්බර් 09 වෙනි සෙනසුරාදා උදේ 10 ට පැවැත්වෙන මෙම කතාබහට සම්බන්ධ වීම සඳහා ගම්පහ විශාකා පාරේ අංක 16 දරණ ස්ථානයේ පිහිටි ආසියානු සාහිත්‍ය නිවහනට එන්න ඔබටත් පුළුවන්.

තැන හරියටම බලාගන්න මේ Google Map යොමුවෙන්: https://goo.gl/maps/2EiZn1NbvFvusYEW7

මෙම කෘතිය පිළිබඳ කතාබහේදී කත්‍යානා අමරසිංහ, තක්ෂිලා ස්වර්ණමාලි සහ සඳුන් ප්‍රියංකර විතාන‌ගේ ප්‍රධාන අදහස් දැක්වීමෙන් සම්බන්ධ වීමට නියමිතයි.

සාකච්ඡාව මෙහෙයවන්නේ පැතුම් පුංචිහේවා විසින්.

විවෘත සංවාද මණ්ඩපයක් වන මෙහිදී ‘අතිශය අභ්‍යන්තර පරීක්ෂණය’ පරිවර්තිත කෘතිය පිළිබඳව උනන්දුවක් දක්වන සාහිත්‍ය රසික ඔබ සැමට ඔබේ අදහස් බෙදා හදාගැනීමට පුළුවන්.

අද (නොවැම්බර් 04) සිට දිවයින පුරා පිහිටි මින්සර ශාඛා වෙතින් ඔබ මිලදී ගන්නා ‘අතිශය අභ්‍යන්තර පරීක්ෂණය’ කෘතිය සඳහා 10% ක වට්ටමක් හිමිවේ. මෙම වට්ටම ඔබට නොවැම්බර් 09 වැනිදා ලේඛක-පාඨක හමුවේදී ලබාගන්නා පිටපත් සඳහා ද හිමිවේ.

එදින පැවැත්වෙන අත්සන් සැසියේදී පරිවර්තක ජෙගන් ගනේෂන් හමුවී එම කෘතිවල ඔබේ පිටපතට අත්සනක්ද ලබාගත හැකියි.

‘අතිශය අභ්‍යන්තර පරීක්ෂණය’ කෘතිය කියවූ නොකියවූ ඔබ සැමට, පරිවර්තක ජෙගන් ගනේෂන් හමුවී අදහස් බෙදාහදා ගන්නට, සංස්කෘතික සති අන්තයක් ගතකරන්නට, මේ සාහිත්‍ය කතිකාවට එක්වන ලෙස ආදරයෙන් ඇරයුම් කරනවා!

එහෙනම්, නොවැම්බර් 09 වැනි සෙනසුරාදා හමුවෙමු.

ගම්පහ මින්සර පොත් මැදුරේ සත්කාරකත්වයෙන් The Asian Review Sinhala සංවිධානය කරන ‘සෙනසුරාදා ලේඛක-පාඨක හමුව’ ට එන්න ඔබෙන් කිසිදු මුදලක් අයකරන්නේ නෑ. එය සම්පූර්ණයෙන්ම ඔබ වෙනුවෙන්මයි!

#ජෙගන්ගනේෂන් #පරිවර්තන #theasianreviewsinhala #theasianreviewසිංහල #අතිශයඅභ්‍යන්තරපරීක්ෂණය

Loading