ශාන්ත විජෙසුරිය විසිනි. මාධ්‍යවේදී ප්‍රදිප් වික්‍රමසිංහව අත්තනෝමතිකව අත්අඩංගුවට දින හතක් රදවා තබා ගනිමින් පාතාලයට සම්බන්ධ පුද්ගලයෙකු යැයි ප්‍රචාරය කරමින් ඔහුගේ කීර්ති නාමයට සිදු කළ හානියට කෝටි 100 වන්දියක් ඉල්ලා නිව්ස් මධ්‍යස්ථානය, කැළණියේ පොලිස් ස්ථානාධිපති,පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් එන්තරවාසියක් යවන බව අප වික්‍රමසිංහව අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් කළ විමසුමකදී ඔහු පැවසීය. නීති විරෝධී කිසිවක් වික්‍රමසිංහගේ වාහනයේ හෝ නිවසේ නොතිබුනු බව පවසන ඔහු පාතාලයට එරෙහිව වගේම පොලිසියේ දුෂණ වංචා, පාතාල සබදතා සහ අපරාධ මාධ්‍ය මගින් හෙළි කිරීම නිසා ඔහුව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කළේ පලි ගැනීම සදහා බව ඔහු හෙළි කරයි. ඔහු වාහනය ගෝන…