International Artist Day—2024
සෑම වසරකම ඔක්තෝම්බර් මස 25 වන දිනය ජාත්‍යන්තර කලා ශිල්පී දිනය ලෙස 2004 වසරේ සිට සමරනු ලැබේ.
මෙම දිනය මේ සඳහා තෝරා ගැනීමේ නිමිත්ත වන්නේ ලොව විසූ ප්‍රසිද්ධම සහ ධනවත්ම මෙන්ම අතිශයින් නිර්මානාත්මක සිත්තරෙකු වූ පැබ්ලෝ පිකාසෝගේ උපන් දිනය ඔක්තෝම්බර් මස 25 දිනයේ වීමයි.(ඔහු උපත ලද්දේ 1881 වරරේදීය)
මෙම දිනය සිත්තරෙකුගේ උපන් දිනය වීම නිසා ඇතැමුන් මෙය ජාත්‍යන්තර චිත්‍ර ශිල්පි දිනය ලෙස වරද්දා ගෙන සිටී.නමුත්,මේ දිනය සිත්තරුන් පමනක් නොව,මූර්ති ශිල්පීන්,ඡායාරූප ශිල්පීන්,නර්තන ශිල්පීන්,ගායන ශිපීන් ඇතුලු සියලුම කලා ශිපීන් වෙනුවෙන් නියම කර තිබෙන දිනයක් වේ.
මෙම දිනය ප්‍රකාශ කිරීමට හේතුව වී තිබෙන්නේ ලොව වෙසෙන සියලුම ක්ශේත්‍රවල කලා කරුවන්ට පිලිගැනීමක් සහ ගරුත්වයක් ලබාදීමට මෙන්ම ඔවුනගේ නිර්මානශීලිත්වයට සහ ඔවුන් විසින් ලොවට දායාද කරන නිර්මානයන් ඇගයීමටත් වේ.
ශ්‍රී ලංකාවේද මෙකී සියලු ක්ශේත්‍රවල කලාකරුවන් සිටින නිසා මෙම දිනය අපටත් ඉතාමත් අදාල වන්නකි.
එසේ හෙයින් මෙම දිනයේදී ලොව විසූ මෙන්ම වර්තමානයේ සිටින සෑම ක්ශේත්‍රයකම කලාකරුවන්ට ප්‍රනාමය පුද කරන්නෙමු.