පිළියන්දල පොලිස් වැටලිම් අංශය අයිස් ග්‍රෑම් 02 ක් සමග අත්අඩංගුවට ගත් තරුණයෙකුව ලක්ෂ හතරක් අරන් නිදහස් කරලා.

පිළියන්දල පොලිසියේ අපරාධ වැටලීම් අංශයේ නිලධාරීන් පිරිසක් අයිස් ග්‍ර‍ැම් 02 ක් සමග අත්අඩංගුවට ගත් තරුණයෙකු නිදහස් කිරීම සදහා ලක්ෂ හතරක මුදලක් ලබාගෙන ඇතැයි චෝදනා එල්ල වී ඇත. . එම වැටලිම් සදහා පිළියන්දල පොලිසියේ වැටලීම් අංශයේ ස්ථානාධිපති ඉසුරු රන්දික වික්‍රමරත්න ද සහභාගි වි ඇත.

අයිස් ග්‍ර‍ෑම් 02 ක් සමග අත්අඩංගුවට ගත් තරුණයාව පිළියන්දල පොලිසිය මගින් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ අයිස් පැකට් එකාක් දමාය.

මෙම තරුණයා කැස්බ‍ෑව බටුවන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුගේ පියා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි . එම තරුණයාට වයුසමනය කළ බස් රථ කිපයක අයිතිකාරයෙකි.

අයිස් ග්‍රෑම් 02 ක් සමග එම තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ බටකැත්තර සාරභුමී නිවාස සංකීරණයේ නිවසක සිටියදීය. පොලිසිය එම නිවස වටලනවාත් සමග බස් රථ හිමි තරුණයා ඔහු අත තිබු අයිස් ග්‍රෑම් දෙක සාරභුමී නිවසේ සිවිලීමට විසි කර ඇති බවත් පසුව පිළියන්දල අපරාධ අංශයට අනුයුක්තව සේවය කරන සේනානායක නැමති නිලධාරියා සගවා ඇති අයිස් ඉල්ලා එම තරුණයාට පහර දී ඇත. පොලිස් නිලධාරියා බස් රථ හිමි තරුණයාට පහර දීම බලා සිටිය නොහැකි වු සාරභූමි නිවසේ අයිතිකාර පේෂාල් වාසල කංනන්ගර සිවිලිමේ තිබු අයිස් බැගය පොලිස් නිලධාරීාට රැගෙන දී ඇත.

පේෂාල් අයිස් වලට ඇබ්බැහි වු තරුණයෙකු වන අතර කැස්බැ‍ව සුරාබදු දෙපාර්තමේන්තුවේ ඔත්තුකරුවෙකි .ඔත්තු ලබා දෙන පේෂාල් සුරාබදු මධ්‍යස්ථානයෙන් අයිස් සහ මුදල් ලබා දෙයි. මෙම සිද්ධියට බන්ධනාගාරගතව සිටින පේෂාල් දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි නිසා වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටි.

පිළියන්දල පොලිසිය අයිස් සමග අත්අඩංගුවට ගත් තරුණයාගේ දුරකතනයට එම අවස්ථාවේ කතා කළ තරුණයන් 10 දෙනෙකු එම නිවසට එන්නැයි පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයා ලවා කියවා පසුව අත්අඩංගුවට ‌ ගෙන ඇත. එම තරුණයන්ගේ දහදෙනාගෙන් හත්දෙනෙකුට අයිස් පැකට් එක බැගින් දමා කැස්බෑව උසාවියට ඉදිරිපත් කර ඇති අතර අනෙක් තරුණයන් තිදෙනා පොලිස් ඇප මත මුදා හැර තිබේ .

ඒ වැනි වැටලිමක් සිදු කළ බව පිළිගන්නා බවත් අත්අඩංගුවට ගත් තරුණයා සන්තකයේ තිබි අයිස් ග්‍රෑම් දෙකාක් නොව සැලකිය යුතු අයිස් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත් එම තරුණයා නිදහස් කිරීම සදහා මුදල් ගත බවට කරන ‌චෝදනාව ප්‍රතික්ෂේප කරන බව අප ඉසුරු වික්‍රමරත්නගෙන් ඒ සම්බන්ධයෙන්ම කළ සොයා බැලීමේ දී පැවසීය.

Source – www.lankaskynews.com

Loading