අපේ දෑතේ හිරවී – ගංගා නවතින්නෙ
අපේ කරගැට මත්තේ – මහ මන්දිර ගොඩ නැඟුනේ
අපේ ලේ වැල් ඇවිලී – යකඩ කඳන් උණුවූයේ
අපේ දහඩිය කඳුලින් – මිහිකත සරු වන්නේ
ලොව හිමිකරුවෝ අපි
නිමැවුම්කරුවෝ අපි
කිනිහිර වාගේ තැලී – දුක් ගිනි ජාලේ වෙලී //
සියවස් ගණනක් වින්ද වේදනා නිමා කරන්නට පෙරට යමව් //
කුළු ගෙඩි වාගේ නැගී ////
ලොව හිමිකරුවෝ අපි
නිමැවුම්කරුවෝ අපි
අපේ දෑතේ හිරවී ගංගා නවතින්නෙ
අපේ කරගැට මත්තේ – මහ මන්දිර ගොඩනැගුනේ
අපේ ලේ වැල් ඇවිලී – යකඩ කදන් උණුවූයේ
අපේ දහඩිය කඳුළින් මිහිකත සරුවන්නේ
ලොව හිමිකරුවෝ අපි
නිමැවුම්කරුවෝ අපි
ලොව හිමිකරුවෝ අපි