අනුරාධපුර මැදවච්චිය විරාල්මුරිප්පුව පොලිසියේ නිලධාරීන් පිරිසක් මාර්තු (07) වනදා තරුණයෙකුට අමානුෂික ලෙස පහර දීම නිසා ඔහුගේ වෘෂණ කෝෂයක් සැත්කමකින් ඉවත් කර ඇත. මෙම සැත්කම සිදු කර ඇත්තේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු විසිනි. මැදවචිචිය විරාල්මුරිප්පුව ප්‍රදේශයේ තරුණයන් දෙදනෙක් ගමන් කළ ඩිමෝ ලොරිය හරස් කර නතර කළ ,පොලිස් යතුරු පැදියකිිින් පැමිණි නිලධාරීන් දෙදනෙකු, එම ලොරියේ සිටි තරුණයන් දෙදනාට ලොරියෙන් ඇද අමානුෂික ලෙස පහර දී ඇත. එක් තරුණයෙකුගේ වෘෂණ කෝෂ ප්‍රදේශයට සහ පිට පහර දී ඇති අතර අනෙක් තරුණයාට බිම දමාගෙන පහර දී ඇත. පසු බෙල්ට් එකකින් අත් දෙක බැද එම ලොරියේම දමාගෙන…