නොනවතින විප්ලවයේ න්‍යාය සිහිනයක්ද?

රුසියානු මාක්ස්වාදී චින්තකයන් අතර, විවාදයට තුඩුදුන් ප්‍රශ්ණයක් වූයේ එවකට රුසියාවේ සාර්ගේ පාලනය යටතේ පැවති සමාජ ආර්ථික ක්‍රමය පෙරළා දැමීම කුමන බලවේගයක් විසින් සිදුවනු ඇද්ද?, එම සමාජ ක්‍රමය පෙරළා දැමීමෙන් පසු කෙබඳු දේශපාලන ආර්ථික ක්‍රමයක් බිහිවන්නේද යන්නයි. මෙබඳු විවාදයක් ඇතිවීමට හේතු සාධක වූයේ දියුණු ධනේශ්වර රටවල් ( බ්‍රිතාන්‍ය, ප්‍රංශය හා ජර්මනිය ආදී) හා සංසන්දනය කළවිට, රුසියාවේ තිබූ විශේෂ තත්ත්වය නිසාය. එනම්, රුසියාව, බ්‍රිතාන්‍ය හා ප්‍රංශය වැනි දියුණු ධනේශ්වර රටක් නොවීය. අනෙක් අතට එය සම්පූර්ණයෙන්ම වැඩවසම් ආර්ථිකයක් තිබූ රටක්ද නොවීය. අවශ්‍යයෙන්ම රුසියාවේ ධනේශ්වර ආර්ථික හා සමාජ සම්බන්ධතාවයන් ව්‍යාප්ත වෙමින් තිබිණ. නරෝද්නික් නැමැති…

Loading

Read More