By Mushtaqe Khan : From kashmir.
ලීනස් ජයතිලක නම් අප්රමාණ මිනිසා අපෙන් සමුගෙන ගෙවුණු වසර දෙකක කාලයට පසුවත් ඔහු නැවත නැවත කියවිය යුතු මිනිසෙක් බව නැවත නැවත පසක් වේ. ලීනස් ජයතිලකගේ මෙහෙවර ගැන ලියවුණු “නිහඬ වූ පෙරළිකරුවෙකුගේ මාක්ස්වාදි පෙරැත්තය – ලීනස්” නම් ග්රන්ථය ඒ කියවීමට සඳහා ඉතා වැදගත් මූලාශ්රයකි. පොතේ සංස්කාරක සුසිල් හෙට්ටිආරච්චිය. කාදිනල් මැල්කම් රංජිත්, කඹුරුගමුවේ වජිර හිමි වැනි ආගමික නායකයින් මෙන්ම තරුණ, වැඩිහිටි, ස්ත්රී, පුරුෂ ක්රියාධරයින් රැසකගේ ලිපි මෙහි ඇතුළත්ය. මෙහි දැක්වෙන්නේ එම ග්රන්ථයට නොයෙල් පෙරේරා ලියු ලිපියකි. අල්තාරයේ මා දුටු වාමවාදී ලීනස් පුදැදුරු අපට ජීවිතයේ විවිධ මිනිස්සු මූණ ගැසෙති. ඔවුන් අතරෙන් අපගේ ජීවිත…