විජේපාල වීරකෝන් විසිනි රටේ ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා වෙනුවට ආණ්ඩුව මේ දිනවල දැනට රටේ කම්කරු ජනතාවට බලපාන නීති රීති සංශෝධනය කිරීම සඳහා පුදුම හදිස්සියකින් කටයුතු කරමින් සිටී. රටක කම්කරු නීති සකස් වී ඇත්තේ පාලකයින්ට අවශ්‍ය අවශ්‍ය ආකාරයට කම්කරුවන්ට පීඩා කරමින් වැඩ ගැනීමට විරුද්ධව කම්කරුවන්ගේ අයිතිවාසිකම් රැකෙන අයුරින් සේවය ලබාදීම සඳහාය. එම නීති අතීතයේ කම්කරුවන් දිවි පුදා සටන් කර ලබාගත් ප්‍රතිඵල වේ. අප සැම දන්නා පරිදි අතීතයේ දී හාම්පුතුන් මිනිසුන් ගෙන් වැඩ ගත්තේ වහලුන්ගෙන් වැඩ ගන්නා ආකාරයටය. නමුත් එම වහලුන්ට මිනිසුන් මෙන් සැලකීමට හාම්පුතුන්ට සිදුවූයේ කම්කරුවන්…