By Raju Prabath Lankaloka
මේ වනවිට මාක්ස්වාදය හෙවත් විද්‍යාත්මක සමාජවාදය ගැන දැන ගැනීමට උනන්දු වන පිරිස් වැඩි වෙමින් පවතී. ධනේශ්වර මාධ්‍ය විසින් එයට එරෙහිව ගෙනගිය දැවැන්ත ප්‍රචාරයන්, ස්ටාලින්වාදී පිරිහීම් විසින් සමාජවාදය සම්බන්ධයෙන් ජනිත කළ දුර්මතයන් හා පැරණි වමේ පක්ෂ හා වර්තමාන සුළු ධනේශ්වර සංවිධාන විසින් දිගින් දිගටම කරන ලද පාවාදීම් හා දේශපාලන වැරදි නිසා දශක කිහිපයක් පුරා සැබෑ මාක්ස්වාදය පරිශීලනය කිරීමට ජනතාව තුළ පැවතියේ පහළ මට්ටමේ උනන්දුවකි. එහෙත් මේ වනවිට රට තුළ හා ලෝක පරිමාණව සිදුවෙමින් පවතින ධනපති ක්රමයේ බිඳවැටීමෙන් පීඩාවට පත්වන ජනයා විකල්පයක් සෙවීමට ගන්නා උත්සාහයේදී නිතැනින්ම ඔවුන් මාක්ස්වාදය කරා යොමුවනු දැකිය හැකිය.
‘ඉදිරිය’ පෙනී සිටින එක් ප්‍රධාන අරමුණක් වන්නේ මාක්ස්වාදී අදහස්, ඒ මත පදනම්ව කරන විශ්ලේෂනයන් හා විග්රහයන් ඉදිරිපත් කරමින් පන්ති ව්‍යාපාරය මාක්ස්වාදී අදහස් වලින් පෝෂණය කිරීමයි.
1847 දී එංගල්ස් කොමියුනිස්ට් ලීගය සඳහා ප්‍රශ්නෝත්තර ආකාරයෙන් කෙටුම්පත් දෙකක් ලිවීය. කොමියුනිස්ට්වාදයේ මූලධර්ම ලෙස හැඳින්වෙන දෙවැන්න 1914 දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද අතර එහි ප්‍රශ්නෝත්තර 25 ක් අඩංගු විය. මාක්ස් සහ එංගල්ස් කොමියුනිස්ට් ප්රකාශනයේදී තවදුරටත් විස්තාරනය කර ඇති ඓතිහාසික භෞතිකවාදය, පන්ති අරගලය සහ නිර්ධන පංති විප්ලවය වැනි මාක්ස්වාදයේ මූලික අදහස් පෙළක් එංගල්ස් විසින් මෙහිදී ඉදිරිපත් කරයි.
එංගල්ස්ගේ කොමියුනිස්ට්වාදයේ මූලධර්ම නමැති කෘතිය කොටස් වශයෙන් පළ කිරීමට අපි තීරණය කළෙමු. මේ එහි අවසාන කොටසයි.
මෙහි කලින් කොටසට මෙතැනින් පිවිසිය හැක.
https://m.facebook.com/story.php?story_fbid=185892780672603&id=100077556467839
……………………………………………………………………………………………………………………………………………………………
21. කොමියුනිස්ට්වාදී සමාජ ක්‍රමය පවුල මත ඇති කරන බලපෑම කිමෙන්ද?
ස්ත්‍රී පුරුෂ සබඳතාවය මුළුමණින්ම පෞද්ගලික දෙයක් වනු ඇත. එය ඒ ඒ පුද්ගලයන් සම්බන්ධ කරුණක් මිස, එයට අත පෙවීමට සමාජයට කිසිදු වුවමනාවක් නැත. මෙය මුදුන් පමුණුවා ගත හැක්කේ පෞද්ගලික දේපොළ අයිතිය අහෝසි කරලීමෙන් සහ ළමුන්ට සාමාජයීය පදනමක් මත අධ්‍යාපනය ලබාදීම මඟිනි. මෙහි ප්‍රතිඵලයක් වශයෙන්, පෞද්ගලික දේපොළ අයිතිය කරා මුල් දුවන ස්ත්‍රිය පුරුෂයා මත යැපීම සහ, ළමයින් දෙමාපියන් මත යැපීම යන සම්ප්‍රදායික විවාහයේ පදනම් දෙක අහෝසි වනු ඇත.
කොමියුනිස්ට්වාදීන් ස්ත්‍රීන් පොදුවේ තබා ගනිතියි මහත් සදාචාරවත් ලෙස බෙරිහන් දෙන අවරසිකයින්ට දිය හැකි පිළිතුර මෙසේය. ගැහැණුන් පොදුවේ තබා ගැනීම සම්පූර්ණයෙන්ම ධනවාදී සමාජයේ ලක්ෂණයකි. සමකාලීන සමාජයේ ගණිකා වෘත්තීය මඟින් මෙය පූර්ණ ලෙස ක්රියාවේ යෙදෙමින් පවතී. පෞද්ගලික දේපොළ අයිතිය අහෝසි වනවාත් සමඟ එහි පදනම මත පවතින ගණිකා වෘත්තියද අහෝසිවනු ඇත. මේ හේතූන් නිසා කොමියුනිස්ට්වාදී සමාජය ගැහැණුන් පොදුවේ තබා ගන්නවා වෙනුවට එය සම්පූර්ණයෙන්ම අහෝසි කරලයි.
22. අද පවතින ජාතීන් කෙරෙහි කොමියුනිස්ට්වාදී සමාජය දක්වන ආකල්පය කුමක්ද?
මොමියුනිස්ට්වාදී මූලධර්ම මත එකිනෙකා ඇසුරු කිරීමටත් මෙම ඇසුරේ ප්‍රතිඵලයක් ලෙස ඔවුනොවුන් මිශ්‍ර වීමටත් ජනයාට පෙළඹවීමක් ඇති කෙරෙන අතර, එමගින් පුද්ගලික දේපළ අහෝසි කිරීමත් සමඟ විවිධ පන්ති අතර ඇති වෙනස්කම් මැකී යන ආකාරයටම ඔවුන්ගේ ජාතිකත්වය බොඳවී යාමද සිදු වනු ඇත.
23. දැනට පවතින ආගම් කෙරෙහි කොමියුනිස්ට්වාදී සමාජය දක්වන ආකල්පය කුමක්ද?
මෙතෙක් පැවති සියලුම ආගම් තනි පුද්ගල හෝ ජන කණ්ඩායම්වල වර්ධනයේ ඓතිහාසික අවධිවල ප්රකාශනයන් ලෙසින් ඇතිව ඇත. නමුත් කොමියුනිස්ට්වාදය යනු ඓතිහාසික වර්ධනය තුළ, පවතින සියලුම ආගම් අනවශ්‍ය බවට පත් කර ඒවා ඉවත් කර දමන අවධියයි.
24 . කොමියුනිස්ට්වාදීන් සහ සමාජවාදීන් අතර ඇති වෙනස කුමක්ද?
සමාජවාදීන් යැයි කියාගන්නා අය කොටස් තුනකට බෙදී සිටිති.
ප්රතිගාමී සමාජවාදීන් :
පළමුවැනි කොටස මේ වන විටත් මහා කර්මාන්තය හා ජගත් වෙළදාම විසින් බිහි කරන ලද ධනපති සමාජය විසින් විනාශ කර දමා ඇති සහ දිනපතා විනාශ කෙරෙමින් ඇති, රදළවාදීන් සහ පීතෘමූලික සමාජයට පක්ෂපාත අයගෙන් යුක්තය. සමකාලීන සමාජයේ පවතින හානිකර තත්ත්වයන් නිසා මෙම කොටස එළඹ ඇති නිගමනය නම්, මෙවැනි විපත් වලින් ස්වාධීනව පැවති රදළවාදය සහ පීතෘමූලික සමාජය යළි ස්ථාපිත කළ යුතුය යන්නය. මේ කොටස් ඉදිරිපත් කරන සියලු යෝජනා සෘජුව හෝ වක්‍රව හෝ එම අරමුණුවෙත යොමු වී ඇත.
මෙම ප්රතිගාමී සමාජවාදී කොටස නිර්ධන පංතියේ දුගීභාවය ගැන ව්‍යාජ උනන්දුවක් දැක්වීම සහ ඒ ගැන කරන කිඹුල් කදුළු හෙළීම නොතකා කොමියුනිස්ට්වාදීහු ඔවුන්ට එරෙහිව ජව සම්පන්නව ලෙස සටන් කරනු ඇත. ඒ මන්දයත්, මේ සමාජවාදීන්:
(i) කොහෙත්ම කළ නොහැකි දෙයක් සඳහා පරිශ්රමයන් දරන බැවිනි.
(ii) රදළ පෙළැන්තියේත්, හස්ත කර්මාන්තාචාරීන්ගේත්, කුඩා කර්මාන්ත හිමියන්ගේත්, ඔවුනට සරිලන පරිදි පරම නැතිනම් රදළවාදී රාජාණ්ඩුවෙත්, නිලධාරීන්ගේ, සෙබළුන්ගේ සහ පූජකයින්ගේත් පාලන තන්ත්රය පුනඃස්ථාපනය කිරීමට ඔවුහු වැර දරති. සත්තකින්ම ඒ තුළ වත්මන් සමාජයේ පවතින අගතීන් නැති නමුත් එය විසින් කොමියුනිස්ට් විප්ලවයක් හරහා කම්කරුවන්ට විමුක්තිය ළගා කර දීමේ කිසිදු බලාපොරොත්තුවකින් තොරව වෙනත් ආකාරයේ අගතීන් සමුදායක් ඇති කරලනු ඇත.
(iii) නිර්ධන පංතිය විප්ලවාදී හා කොමියුනිස්ට් වූ වහාම, මොවුන් තම සැබෑ මුහුණුවර පෙන්වමින් නිර්ධනීන්ට එරෙහිව ධනපති පන්තිය හා එකතු වෙයි.
ධනපති සමාජවාදීන්
දෙවැනි කොටස සමකාලීන සමාජයට පක්ෂවූවන්ගෙන් යුක්තය. මේ සමාජය විසින් අනිවාර්යයෙන්ම බිහිකරන අගතීන් විසින් ඔවුන්ගේ පැවැත්ම සැකයට භාජනය කරය ඇත. ඔවුන්ට අවශ්‍යව ඇත්තේ පවතින සමාජය ආරක්ෂා කරන අතරම එහිම කොටසක් වන ඒ තුළ ඇති අගතීන් දුරු කිරීමට ක්‍රියා කිරීමයි.
සමහරු ඒ සඳහා සුභසාධන ක්‍රම ඉදිරිපත් කරති. අන් සමහරු අති පුළුල් ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරමින්, සමාජය ප්‍රතිසංවිධානය කිරීමේ මුවාවෙන්, පවතින සමාජයේ පදනමත්, එමගින් මුළු මහත් අද්‍යතන සමාජයත් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වෙති.
මෙවැනි ධනපති සමාජවාදීන්ට විරුද්ධව කොමියුනිස්ට්වාදීහු වෙහෙස නොබලා සටන් කළ යුත්තාහ. මන්දයත්, ඔවුන්ගේ ක්‍රියා කලාපය කොමියුනිස්ට් විරෝධීන්ගේ යහපතට හේතු වන අතර කොමියුනිස්ට්වාදීන් විනාශ නිරීමට ඉදිරිපත් වී සිටින සමාජ ක්‍රමය ඔවුන් ආරක්ෂා කරන බැවිනි.
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන්
අවසන්, තෙවැනි කොටස ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන්ගෙන් යුක්තය. කොමියුනිස්ට්වාදීන් සමග එක් වී ගමන් කරන මොවුහු 18දී සඳහන් කළ සමහර කරුණු ක්රියාවේ යෙදවීමට කැමැත්තක් දක්වති. එහෙත් එය කොමියුනිස්ට්වාදය කරා යන පරිවර්තන පියවරයන් ලෙස නොව, දුගීබව නැති කිරීම සහ සමකාලීන සමාජයේ පවතින අගතීන් දුරුකරලීමට සෑහෙන පියවරයන් හැටියට පමණකි.
මේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදීන් එක්කෝ තම පංතියට විමුක්තිය ළඟා කර දීම ගැන තවම සෑහෙන පැහැදිලි කිරීමක් නැති නිර්ධනීන්ගෙන් හෝ සුළු නේශ්වරයේ නියෝජිතයින්ගෙන් හෝ සෑදී ඇත. සුළු ධනේශ්වරය ප්රජාතන්ත්රවාදය දිනාගැනීම දක්වාත්, ඉන්පසු සමාජවාදී පියවරයන් ගැනීමේදීත් නොයෙක් අතින් නිර්ධනීන්ට සමාන පංති වුවමනාවන් ඇති කොටසකි.
මේ නිසා ක්‍රියාකාරීත්වය තුළදී කොමියුනිස්ට්වාදීන් ප්‍රජාතන්ත්‍රික සමාජවාදීන් සමඟ එකඟතාවයන් ඇති කරගත යුතු අතර ඔවුන් ධනපති පන්තිය වෙනුවෙන් සේවය කිරීමට ඉදිරිපත්ව කොමියුනිස්ට්වාදීන්ට පහර නොදෙන තාක් ඔවුන් සමඟ හැකිතාක් දුරට පොදු ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතුය.
ඔවුන් සමඟ එකතුවී ක්‍රියා කිරීම නිසා අප අතර ඇති මතභේදයන් සාකච්ඡා කිරීම නැවැත්විය යුතුයැයි මින් කොහෙත්ම අදහස් නොකෙරේ.
25. සමකාලීන සෙසු දේශපාලන පක්ෂ කෙරෙහි කොමියුනිස්ට්වාදීන් දක්වන ආකල්පය කුමක්ද?
විවිධ රටවලදී එම ආකල්පය විවිධාකාරය.
ධනපති පංතිය ආධිපත්‍ය උසුලන එංගලන්තයේ, ප්‍රංශයේ සහ බෙල්ජියමේ විවිධ ප්රජාතන්ත්රවාදී පක්ෂ සමග කොමියුනිස්ට්වාදීන්ට මේ වනවිට පොදු වුවමනාවන් පවතී. මේ පොදු වුවමනාවන් බලවත් වන තරමට, ප්රජාතන්ත්රවාදීහු විසින් ඉල්ලා සිටින ඒ සමාජවාදී ක්‍රියාවන් කොමියුනිස්ට්වාදීන්ගේ අරමුණු හා යොමුව සමඟ වඩාත් සමීප වෙති. එනම් ඔවුන් කොතරම් දුරට පැහැදිලි ලෙසත්, නියමිත ලෙසත් නිර්ධන පංතියේ වුවමනාවන් නියෝජනය කරන්නේද, එතරම් දුරට ඔවුන් නිර්ධන පංතියේ ආධාරය මත රදා පවතී. නිදසුනක් වශයෙන් එංගලන්තයේ කම්කරුවන්ගෙන් සමන්විත චාටිස්ට්වරු, රැඩිකල්වාදීන් යැයි කියා ගන්නා සුළුධනපති ප්රජාතන්ත්රවාදීන්ට වඩා බොහෝ සෙයින් කොමියුනිස්ට්වාදීන්ට සමීපව සිටිති.
ප්රජාතන්ත්රවාදී ව්‍යවස්ථාවක් ක්රියාවේ යොදවා ඇති ඇමරිකාවේ, එම ව්‍යවස්ථාව ධනපති පංතියට විරුද්ධව යෙදවීමට ඉදිරිපත් වන පක්ෂයට කොමියුනිස්ට්වාදීන් ආධාර දිය යුතුය. එම ව්‍යවස්ථාව නිර්ධන පංතියේ වුවමනාවන් සඳහා යොදවන, එනම් ජාතික කෘෂි ප්‍රතිසංස්කරණවාදීන්ගේ පක්ෂයට ආධාර දිය යුතුය.
ස්විට්සර්ලන්තයේ රැඩිකල්වරුන් බොහෝ මිශ්‍ර නියෝජිතත්වයකින් හෙබියද කොමියුනිස්ට්වරුන්ට එකඟතාවයකට පැමිණිය හැකි එකම පක්ෂය එය පමණකි. මේ රැඩිකල්වරුන් අතර වඩාත්ම ප්රගතිශීලීන් නම් වෝඩොයිස්වරුන් සහ ජිනීවාවරුන්ය.
ජර්මනිය තුළ අවසානයේදී ධනපතීන් සහ නිරපේක්ෂ රාජාණ්ඩුව අතර තීරණාත්මක සටන දවසේ න්‍යාය පත්‍රයට ඇතුළු වී ඇත. ධනපතීන් ආධිපත්‍යය ලැබීමට පෙර ඔවුන් සමග තීරණාත්මක සටනකට අවතීර්ණ වීම කොමියුනිස්ට්වාදීන්ට බලාපොරොත්තු විය නොහැකි බැවින්, කොමියුනිස්ට්වාදීන් ධනපති පාලනයකට සහාය දක්වන්නේ හැකි තරම් ඉක්මනින් එම ධනපති ආධිපත්‍යය පෙරළා දැමීම සඳහාය. මේ අනුව. ආණ්ඩුවලට විරුද්ධව ලිබරල්වාදී ධනපතීන් සටන් කරන විට, කොමියුනිස්ට්වරුන් නිරන්තරයෙන් රැඩිකල් ලිබරල්වරුන්ට සහාය දක්වයි. එහෙත් ධනපතියන් ගොදුරු වන ස්වයං මුලාවෙන් නොරැවටී ධනපතීන්ගේ ජයග්‍රහණය නිසා නිර්ධන පංතියට ලැබේ යයි කියන කියන ප්රතිලාභ හා මායාකාරී පොරොන්දු මත විශ්වාසය නොතැබිය යුතුය. ධනපතීන්ගේ ජයග්‍රහණය නිසා කොමියුනිස්ට්වාදීන්ට ලැබෙන එකම වාසිය නම්:
නිර්ධන පන්තිය එකිනෙකා හා සමීපව බැඳුණු, සටන් කිරීමට සූදානම් තත්ත්වයට පන්තිය සංවිධානය කිරීමට ඉඩ ලබාදෙන විවිධාකාර සහනයන්,
රාජාණ්ඩු ආණ්ඩු බිඳ වැටෙත්ම, ධනපති පංතියට විරුද්ධව නිර්ධන පංතික සටන් ඇති වීමේ මොහොත එළැඹෙන බවට විශ්වාසය ඇති වීම. එතැන් සිට ජර්මනියේද කොමියුනිස්ට්වරුන්ගේ දේශපාලන ප්‍රතිපත්තිය, ධනපති පංතිය ආධිපතිත්විය දරන රටවල තත්වයම වන්නේය.