රාජු ප්‍රභාත් ලංකාලෝක විසිනි වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් නොවැම්බර් 02 දිනට “මර්ධනයට ආර්ථික පීඩනයට එරෙහිව නැඟී සිටිමු! අයිතීන් වෙනුවෙන් සටන් වදිමු!” යන තේමාව යටතේ විරෝධතාවයක් කැඳවා ඇත. මෙම විරෝධතාවයේ සංවිධායකයින් විසින් එයට සමඟි ජන බලවේගයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහභාගිත්වය ලබා ගැනීම වෙනුවෙන් ඒවායේ නායකයින් මුණ ගැසුණු ආකාරයද අප මාධ්‍ය මඟින් දුටිමු. මේ වනවිට මෙම විරෝධතාවයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය, සමඟි ජන බලවේගය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගි වන බව තහවුරු කොට ඇත. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ හා එයට බලපෑමක් කළහැකි වෘත්තීය සමිති නොවැම්බර් 2 විරෝධයට…