ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව…

ජ්‍යෙෂ්ඨ වෘත්තිය සමිති නායකයකු හා ඉදිරිපෙළ සමාජ ක්‍රියාකාරිකයකු වන ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව සහ රනිල් වික්‍රමසිංහ රජය විසින් දියත් කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමේ ක්‍රියාදාමයට විරෝධය පළ කරමින් අද (2022.08.04) පෙ.ව. 10.00 ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විනි.

වෘත්තීය සමිති බහුජන සංවිධාන එකතුව එම විරෝධතාව සංවිධානය කර තිබිණි. වෘත්තීය සමිති, සිවිල් සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් ඊට සහභාගී විය.

Loading

Related posts