පහත දැක්වෙන්නේ අරගලකරුවන්ට වෙඩි නොතබන ලෙස ඉල්ලූ බ්‍රිගේඩියර් රාජකාරිවලින් ඉවත් කිරීමට එරෙහිව තරුණ ජනමාධ්‍යවේදීන් ගේ සංගමය විසින් මානව හිමිකම් කොමිසමට යොමු කල ලිපියයි….
සුලාරි ලියනගම,
අධ්යක්ෂ – විමර්ශන,
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව,
කොළඹ.
මහත්මියනි,
සාමකාමී අරගලකරුවන්ට වෙඩි නොතබන බවට ප්‍රකාශ කළ හමුදා නිලධාරියා තනතුරුවලින් ඉවත් කිරීම සම්බන්ධයෙනි
ජූලි මස 13 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලය වැටලීමට සහභාගී වූ සාමකාමී අරගලකරුවන්ට වෙඩි තැබීමක් සිදු නොකර බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ 112 බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් සෝමවීර සියලු තනතුරුවලින් ඉවත් කර ඇතැයි අද වාර්තා විය.
ජනාධිපති ප්රමුඛ ආණ්ඩුවේ දුර්දාන්ත පාලනයට එරෙහිව සාමකාමීව අරගල කර පුරවැසියන් පිරිසක් 13 වැනිදා අග්‍රාමාත්‍ය කාර්යාලය වැටලූ අතර එම සාමකාමී පුරවැසියන්ට වෙඩි නොතබන බවට ඉහත හමුදා නිලධාරියා ප්‍රකාශ කරන වීඩියෝවත් සමාජ මාධ්‍ය ඔස්සේ සංස්කරණය විය.
එම නිලධාරියා තනතුරුවලින් ඉවත් කළේ වෙඩි නොතබන බවට ප්‍රකාශ කළ නිසා නම් එය බරලතල තත්ත්වයකි.
එබැවින් මේ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසත්, ඔහු ඉවත් කර ඇත්තේ ඉහත කාරණය නිසා නම් ඔහු යළිත් එම තනතුරුවලම පිහිටුවීමට කඩිනම් නිර්දේශයක් කරන ලෙසත් ඉල්ලා සිටිමු.
ස්තුතියි.
මෙයට,
තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
web.yjasl@gmail.com