ප්‍රියශාන්ත රාජපක්ෂ විසිනි
අරගලයේ මුල් වකවානුවේදී ඉසිප්‍රියාගේ හා සිවරාම්ලගේ රූප සහිත කටවුට් අරගල බිමේ ඉහලින්ම ප්‍රදර්ශනය කෙරිනි..
නමුත් අවසානයේ අරගල පාර්ශවයේ ස්ටාර්ලා ලෙස බෞතිස්ම කෙරුනේ සිවරාම්ලගෙ ඉසිප්රියාලගේ ඝාතනවල වග උත්තර කරුවන් වියයුතු ෆොන්සේකලාමය…
රාජපක්ෂල නිර්මාණය කරපු රණවිරුගාය සිංහකොඩි මේනියාව අළුත් විදියකට වර්තමානය තුල පුනරුප්පත්තිය ලබා ඇත..
අවසානයේදී උතුරේ ඉසිප්රියාල දකුණේ ජනප්‍රියවාදී ජාතික අරගලයක් වෙනුවෙන් වෙන්දේසිවී ඇත..
දකුණේ ජනතාවට තමන්ව පාලනය කරන දකුණේ පාලකයන්ව තමන්ට එපාවූ කල පන්නා දැමිය හැකිය…
නමුත් උතුරේ ජනතාවට ඔවුන්ව පාලනය කරන දකුණේ පාලකයන් මොන විනාශයක් ගෙන දුන්නත් පලවා හැරිය නොහැකිය ..
88,89 වකවානුව තුල භීෂණයේ වග උත්තර කරුවන් වූ එවකට පැවති එ.ජා.ප. ආන්ඩුව
1994දී පැවත්වූ මැතිවරණයෙදී වාර්තාගත ලෙස පරදවා සහ අනතුරුව පැවති මැතිවරණවලින්ද දිගින්දිගටම පරද්දවා දීර්ඝ කාලයකට නිෂ්ක්‍රීය කලේය..
නමුත් උතුරේ ඊට සිය ගුණයකින් වැඩි භීෂණයක් අවුලවාලූ රාජපක්ෂ පාලනයට යුද්දෙන් පසු පැවති පලමු මැතිවරණයෙන් අති විශාල ජයක් ලැබුනි..
අනතුරුව පැවති මැතිවරණ වලින්ද වාර්තාගත මහා ජයක් ලැබුනි..
මේක මෙහෙම වෙන්ට හේතුව උතුර යනු දකුණෙන් පාලනය වෙන දකුණට අයත් පරිවාර යටත් විජිතයක් ලෙස පැවතීමයි..
මෙහිදී දකුණේ ආන්ඩු විරෝධී සටන් මවුබිම බේරාගැනීමට කරන දේශප්‍රේමී පූජනීය අරගල ලෙස බෞතිස්ම වන අතර උතුරේ අරගල මවුබිමට එරෙහිව කෙරෙන ත්රස්තවාදයන් ලෙස හංවඩු ගැහෙයි..
මෙහිදී දකුණේ මොනයම්ම හෝ දේශපාලන ව්‍යාපාරයක් හෝ වේවා ජන අරගලයක් හෝ වේවා ඒවා බහුජන ජනප්‍රිය වාදයකට ඇදවැටුන විට එකී අරගල අනිවාර්යයෙන්ම ජාතිකවාදයකට ඇද වැටේ; රණවිරු ගොහොරුවේ ගිලේ…