පිටු 8 කින් යුතු PDF පිටපත සඳහා
http://www.fmmsrilanka.lk/wp-content/uploads/2022/06/2022_February_FMM_MFRM_Monthly_report_sinhala.pdf
වෙබ් පිටුවට පිවිසෙන්න.
මාධ්‍ය නිදහස: නිරීක්ෂණ වාර්තාව
2022 පෙබරවාරි (2 වන වෙළුම – කලාප අංක 2)
අසාධාරණයන් නඩත්තු කිරීමේ සංස්කෘතිය
පෙබරවාරි මාසය තුළ නිරික්ෂණය කළ මාධ්‍ය නිදහස පිළිබඳ උල්ලංඝනයන් සමාලෝචනය කිරීමේදී කැපී පෙනෙන ලක්ෂණය වූයේ ‘හිතකර ආයතනික සංස්කෘතියක’ ඌනතාවයි. පසුගිය දශක දෙක තුළ අපගේ නීති පද්ධතියට, ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල, මානව හිමිකම් ආරක්ෂා කොට ප්‍රවර්ධනය කිරීමේ විවිධ යාන්ත්‍රණයන් හඳුන්වා දී තිබේ. එහෙත් එම යාන්ත්‍රණයන්
සක්‍රියව පවත්වාගෙන යමින් යුක්තිය ඉටු කිරීමේ ‘ආයතනික සංස්කෘතියක්’ තවමත් වර්ධනය වී නොමැති බව පෙබරවාරි මාසයේ සිදුවීම්වලින් මැනවින් නිරික්ෂණය විය.
මාධ්‍යවේදීන් හා ක්‍රියාකාරිකයින් නිහඬ කිරීම පිණිස ශාරීරික අඩන්තේට්ටම් කිරීම, අන්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම, අත්අඩංගුවට ගත් කාරණයට හාත්පසින්ම වෙනස් කාරණයක් මත අධිකරණයට ඉදිරිපත් කිරීම, කිසිදු නඩු කටයුත්තකින් තොරව කාලයකට පසු චෝදනා ඉවත් කර ගැනීම යන සියල්ල මගින් අවබෝධ වන්නේ අයුක්තිය අවිච්ඡින්නව පවත්වා ගෙන යන ආයතන ව්‍යුහයක් හා සංස්කෘතියක් අප මත බලහත්කාරයෙන් පටවා ඇති බවයි.
මේ නිසා නිදහස් මාධ්‍ය සංස්කෘතියක් පිළිබඳ අරගලය හුදෙක් මාධ්‍ය නිදහස ප්‍රවර්ධන කිරීම පමණක් නොව මාධ්‍ය නිදහසේ විවිධ පැතිකඩයන් උල්ලංඝනය කරන ආයතන එම ආයතන හා අරමුණු සාධනය කරන ‘වැඩ සංස්කෘතියක්’ ප්‍රතිනිර්මාණය කර ගැනීම කෙරෙහි යොමු කිරීම වැදගත් වෙයි.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
පිටු 8 කින් යුතු PDF පිටපත සඳහා
http://www.fmmsrilanka.lk/wp-content/uploads/2022/06/2022_February_FMM_MFRM_Monthly_report_sinhala.pdf
වෙබ් පිටුවට පිවිසෙන්න.