කන්තලේ පොලීසිය අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරික සම්පත් එදිරිසිංහ මහතා ඇප මත නිදහස්…

කන්තලේ පොලීසිය අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරික සම්පත් එදිරිසිංහ මහතා ඊයේ (2022. 06. 07) දින කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබේ. එළඹෙන 20 වන දා නැවත ඔහුට අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

2022 මැයි මස 09 වන දින රාත්‍රියේ පොදුජන එක්සත් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල අතුකෝරලගේ නිවස ඉදිරිපිට සිදු වූ විරෝධතාව වීඩියෝ කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම පොලීසිය ඔහුට එරෙහිව ඉදිරිපත් කර තිබූ චෝදනාවයි.

ජුනි 6 වන දා සවස 5 ට පමණ කන්තලේ, හාතියගම ඔහුගේ නිවසේ සිටියදී කන්තලේ පොලීසිය සම්පත් එදිරිසිංහ මහතා අත්අඩංගුවට ගෙන පසුදා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

සම්පත් එදිරිසිංහ මහතා MOTHER TRINCO සමාජ මාධ්‍ය පිටුවේ සංස්කාරකවරයා ලෙස ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සිදුවීම් නිරන්තරයෙන් වාර්තා කළ සමාජ ක්‍රියාකාරිකයෙකි.

Loading