09.05.2022 මාධ්‍ය නිවේදනයයි සාමකාමී උද්ඝෝෂණයට එල්ල කළ ප්‍රහාරය තරයේ හෙළාදකිමු! ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් වෙනුවෙන් පෙළගැසෙමු!! අගමැතිවරයා කැඳවා තිබූ රැස්වීමකට සහභාගී වීමෙන් පසු අගමැති නිල නිවසේ සිට පිටත් වූ ආණ්ඩුවේ ආධාරකරුවන් ඒ අසල පැවති උද්ඝෝෂණයට හා ‘ගෝඨාගෝගම‘ අරගල භූමියට කඩාවැදී සිදු කළ ම්ලේච්ඡ ප්‍රහාරය මනුෂ්‍යත්වයට එරෙහි සාහසික අපරාධයක් ලෙස හෙළා දකින නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, එම විනාශය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් රජයටත් ශ්‍රී ලංකා පොලිසියටත් තරයේ දෝෂාරෝපණය කරයි. පසුගිය දිනවල මෙම අරගලයට සහාය පිණිස පැමිණෙන සාමකාමී පෙළපාලි වැළැක්වීමට යකඩ උල් සහිත බිහිසුණු මාර්ග බාධක පවා යොදාගත් පොලිසිය, එයට ප්‍රචණ්ඩකාරී පිරිසක් කඩා වැදීම වැළැක්වීමට…