වැඩබැරි ආණ්ඩුව ගෙදර යනු ! ජනතාවට බලය ගමු ! වැටුප් වැඩි කරනු !ජනතාව පෙළන ගැටළු වලට වහා සහන සලසනු !IMF උගුලක් මිස විසඳුමක් නොවේ ! යන තේමාවන් යටතේ හෙට සිට තම තමන්ගේ ආයතන ඉදිරිපිට දහවල් කෑම විවේකයේදි විරෝධතා පැවැත්වීම. එළඹෙන 07 බ්‍රහස්පතින්දා දින වෘත්තීය සමිති බහුජන සංවිධාන ඒකාබද්ධ විරෝධතාවය කොළඹ කොටුවේ දී. පත් කරන ලද කමිටුවේ මූලිකත්වයෙන් පවතින අර්බුදයෙන් ජනතාව ගලවා ගැනීම සඳහා ස්ථිරසාර ජන හිතවාදී විසඳුමක් සාකච්ඡා කොට වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන එකතුවට ඉදිරිපත් කිරීම