ප්‍රියන්ත රාජපක්ෂ විසිනි
මේ වෙලාවෙ ලංකාවේ සටන් පෙරමුණු දෙකක් තියෙනවා.
එකක් පාලකයෝ වෙන්කරලා දීලා තියෙන උත්ඝෝසන කලාපයේ පාලකයො හඳුන්වාදීපු නීතිය අකුරටම රකිමින් නර්තනයෙන් ගීතයෙන් පෑනෙන් සාහිත්‍යයෙන් අරගල කරන මධ්‍යම පන්තිය…
ඒ අය නින්දෙන් ඇහැරිලා අරගලයට ආවේ කරන්ට් නැතිව ඒ.සී.නතර උනාම..ඩීසල් නැතිව ජීප් එක එළියට ගන්‍ට බැරි උනාම..
එතන ඉන්නෙ ඩොකාලා, ඉංජො, ලොයර්ස්ලා, විධායක ශ්‍රේනියේ අය බිසනස්මන්ලා වගේ අය….
අනික් පන්තිය ත්‍රීවීල් හයර් එකක් දුවලා ජීවත්වෙන සහ එදිනෙදා මොනමොනවා හරි කරලා පනගැට ගහගන්න පන්තිය..
සම්බාව්‍ය මාක්ස්වාදය ඇතුලේ ඒ අය වැටෙන්නෙ කම්කරු පන්තියටවත් නෙමේ..ලුම්පන් නැත්නන් පාදඩ නිර්ධන පන්තිය කියන කුලකයට…
ඒ පන්තිය සටනට එන්නෙ ජීවත්වීමේ අවම කොන්දේසි ටිකටත් හෙන ගෙඩිය පාත් උනාම..
ඒක හිස ගිනි ඇවිළුන පන්තිය…
ඒ අයගෙ සටන් වානාවා පෝනාපෝ වර්ගයේ ඒවා….ඒ අසරණයෝ බර්ග බන් කකා අරගල කරන හැටි දන්නෙ නෑ….
ඇත්තටම පොත පත ටිකක් කියෙව්වට මාත් අයිතිවෙන්නෙ අර පාදඩ නිර්ධන පන්තියට…
ඒ නිසා ඒ පන්තියෙ එකෙක්ට වෙඩි වැදුනම මට දැනෙනවා ඒ උන්ඩෙ ගියේ මගේ ඔළුව හිල්කරගෙන කියලා..
ඒ විතරක් නෙමේ යාපනේ දුප්පත් ඉසිප්‍රියා දූෂණය කරලා මරණකොට ඒ වින්දිතයා මම කියලා මට දැනෙනවා කම්පනයෙන් මගේ මොලේ හිරිවැටෙනවා….
මුඩුක්කු පැලක ඉපදිලා ඒකේ වන්දිය ගෙවන්ට ආයුධ පෙන්නන්ට අරන් ගිහින් වෙඩිකන හැම එකෙක්ම වෙඩිකනකොට මට දැනෙන්න්නෙ ඒ උන්ඩ ගියේ මගෙ ඇඟ හරහා කියලා..
මම දන්නවා, උන් කොහේ හරි දෙබොක්කක වෙඩිකාලා මැරෙනකොට මධ්‍යම පන්තියේ උඹලා හිතුවේ උන් පාතාලයො නිසා මැරුවට කමක් නෑ කියලා..
ඉතින් මධ්‍යම පන්තියේ මහත්වරුනේ නුබලා නුබලාගේ අරගලය අත නොහැර කෙසේ හෝ අරන් යන්න…හැකි හැම මොහොතකම සහයට එනවා..
හැබැයි මගේ පන්තියේ උන් උඹලාගේ සාමකාමී අරගලය අල කරනවා කියන කුප්ප කතාව නම් ආයෙ කියන්න එපා…