මගේ දරුවන් දෙදෙනාම
පුතයි..දුවයි..
එළියට බැස්සෝය..ගෝල්ෆේස් යාමට ..
ද්වල් 12.47..ට අප්‍රේල් 14
උන් නුවර සිට සියගනනක් සමග
ගෝල්ෆේස් එනුඇත..හවස..
මට සිහිවෙයි..මගේ අතීතය ..
අවුරුදු පණහකට පෙර ..
මාද අවුරුදු විසිදෙකේදී
යහපත් සමාජයක් වෙනුවෙන්
පාරට බැස්සේ මෙලෙසිනි ..
දැන් මගේ දරුවෝද
එම මගටම පිවිස ඇත ..
තවමත් අප පැතූ
යහපත් සමාජය
බිහිව නැත ..!
අරගල බිමේදී මගේ දරුවන්
මියගියද කම් නැත ..!
” යහපත් සමාජයක් වෙනුවෙන්
අප නැගූ හඬ නොමියනු ඇත “
අපි එදා කිව් දේ
උඹලා අදත් කියපල්ලා..
දරුවනි…..
අරගල කරපල්ලා දරුවනි
ඒ වෙනුවෙන් …
උඹලා අරගල බිමේදී
මියගියත්…
උඹලා නැගූ හඬ ..
සදා නොමියනු ඇත ..
..තාත්තා ..