චාල්ස් දයානන්ද විසිනි
සියල්ල වෙනස් කර සිස්ටම් චේන්ජ් එකක් විය යුතු බව ජන හඬ බවට පත්ව ඇත .
සිස්ටම් යනු කුමක්ද ..අද ඇත්තේ ඉංග්‍රීසින් විසින් රාමුගත කළ සිස්ටම් එකයි .එනම්..
1. පාර්ලිමේන්තු දේශපාලන ක්‍රමය
2. නිළධාරී ක්‍රමය .
3. අධිකරණ ක්‍රමය .
4. අධ්‍යාපන ක්‍රමය ..
මෙම සිස්ටම් හතර මත ගොඩනැගී ඇති සමාජ ක්‍රමය වෙනස් කිරීම තමයි සිස්ටම් චේන්ජ් කියන්නෙ ..අධිරාජ්‍ය වාදීන් මෙය හැදුවෙ අධිරාජ්‍යවාදය පවත්වා ගෙන යාමට ..එය වෙනස් කලයුතුමය.
ඒ සදහා නව ක්‍රමයක් ..නව සිස්ටම් එකක් ඇති කල යුතුය .ඒ ගැන පුලුල් සාකච්ඡා ඇති විය යුතුය .ඊට ගැලපෙන නව ව්‍යවස්ථාව ක් සකස් කරගත යුතුය .මේ අරගලය ඒ දක්වා ගෙනයාමට නම් අන්තවාදී ,පක්ෂවාදී මත වලින් බැහැරව ස්වාධීන මගකට පිවිසිය යුතුය .
ස්වාධීන දේශපාලන නායකත්වයක් අවශ්‍ය වේ.එය ජනතාවට හිස නමන එකක් විය යුතුය .එසේ නොවී මේ අරගලය අරාජික වුවහොත් පරාජය විය හැක .
එම නිසා කොන්දේසි සහිත දේශපාලන නායකත්වයක් ..සාමූහික නායකත්වයක් ගොඩනගා ගතයුතුයි .
තවත් පාර්ලිමේන්තුව කට යනවාද ..පාර්ලිමේන්තු ක්‍රමය ඉවත් කර මහජනතාව ට බලය ඇති නව ක්‍රමයක් ගොඩනගා ගන්නවාද..පාර්ලිමේන්තුව ට පිටින් ඒ මහජන පාලනය පිහිටුවා ගන්නවාද ..
මේ සියල්ල සාකච්ඡා කල යුතුය .එක් පුද්ගලයකු ට හෝ පක්ෂයකට සදාකාලික බලය නොදිය යුතුය .බලය මහජනතාව සතුවන ලෙස ව්‍යවස්ථාවක් සකසා ගතයුතුය.
ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස එහි මූලික පදනම විය යුතුය …
වෙන්ව ගමන් කලත් ..එක්ව සටන් කල යුතුය ..එක්ව ජයගත යුතුය ..