ආසියානු කලාපයේ සමාජවාදී එක්සත් සමූහාණ්ඩුවක් උදෙසා සටන් වදිමු!


ජනතාවගේ අරගලය ජයග්‍රහණයකින් අවසන් කිරීම සදහා එක්සත් සමාජවාදී පක්ෂය ඉදිරිපත් කරන සංක්‍රමණීය වැඩ පිළිවෙල හා සටන්පාඨ මෙහි දැක්වේ


1 ඇමරිකාවට චිනයට ඉන්දියාවට හා බංගලිදේශයට ගෙවීමට තිබෙන ණය වහා අහෝසි කරනු

2 මුලු රාජපක්ෂ පවුලම පාලනයෙන් ඉවත් කරනු

3 ධනපති පවුල් කීපයක් හා ඔවුන්ට ගැති හමුදා කොටස්වල පාලනය අහෝසි කරනු

4 ඒකාධිපතිවාදය ඥති සංග්‍රහය හා දූෂණය අවසන් කරනු

5 සංවිධානය විමට හා අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය තහවුරු කරනු

6 බැංකුල රක්ෂණල සමාගම් වරායල ගුවන්තොටුපල ඇතුලු ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතුකර ප්‍රජාතන්ත්‍රවාදීව පත්කරගත් කම්කරු කොමිටි වලට භාරකරනු

7 සෑම වැඩබිමක්ම ගම හා නගරය ඇතුලත්වන්නාවු අරගල මධ්‍යස්ථානයක් ගොඩනගමු

8 සියලු අරගල මධ්‍යස්ථාන ඒකාබද්ධ කර දෙමළ හා මුස්ලිම් ජනතාව ඇතුළත් මහජන ව්‍යවස්ථාදායක සභාවක් ගොඩනගමු

9 මහජන නියෝජතයින්ගෙන් සමන්විත මහජන ව්‍යවස්ථාදායක සභාවට තෝරාපත්කර ගන්නා නියෝජිතයින් ජනවරමට පිටුපා ක්‍රියාකරන්නේ නම් ඉවත් කිරීමේ බලය ජනතාවට පවරමු

10 තෝරාපත් කරන මහජන නියෝජතයින්ට වැටුප් ගෙවීම් නතර කරනු අවශ්‍යනම් නියෝජතයින්ට පුහුණු කම්කරුවකුගේ වැටුප පමණක් ගෙවනු

11 ඒකාධිපති පාලනයට එරෙහිව සටන්වදින ජනතාවට සහයෝගය දීම සදහා පෙරට එන ලෙස හමුදාභටයින්ට ආයාචනය කරමුග තෝරා පත්කරගත් සෙබල නියෝජතයින්ගෙන් සමන්විත සටන් කමිටු හමුදා බැරැක්ක තුළ ගොඩනගමු

12 මෙම අරගලය අසල්වැසි රටවල කම්කරුවන්ද එකතු කරගනිමින්  දකුණු ආසියානු කම්කරු පංතියේ සහයෝගය ලබාගනිමින් මෙම කලාපයේ සමාජවාදී බලයක් සදහා සටන් කරමු

ආසියානු කලාපයේ සමාජවාදී එක්සත් සමූහාණ්ඩුවක් උදෙසා සටන් වදිමු

Loading