02.04.2022
මාධ්‍ය නිවේදනයයි
මිරිහාන ප්‍රදේශයේ ඇති වූ මහජන විරෝදය වාර්තා කිරීම සඳහා එහි ගිය මාධ්‍යවේදීන්ට පාහරදීම තරයේ හෙලා දකිනවා – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
2022 මාර්තු 31 වන දින මිරිහාන ප්‍රදේශයේ ඇති වූ මහජන විරෝධතාව වාර්තා කිරීම සදහා එහි ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට පහර දී වාර්තාකරණයට බාදා කර මාධ්‍යවේදීන් කිහිප එනෙකු අත්තඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ විසන් කටයුතු කර තිබේ.
මෙය මාධ්‍යවේදීන්ගේ වාර්තාකරණයට ඇති අයිතිය උල්ලංගනය කිරීමක්, භාෂණයේ හා ප්රකාශනයේ නිදහසට සිදු කළ බරපතළ තර්ජනයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ ස්ථාවරයයි. මෙවැනි අවස්ථාවකදී පොලීසිය සිදු කළ යුතුව තිබුණේ නීත්‍යනුකූලව කටයුතු කිරීම මිස වෘත්තීය මාධ්‍යවේදීන්ගේ අයිතිවාසීකම් උදුරා ගැනීම නොවන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ දැඩි ස්ථාවරයයි.
රැස්වීම සහ විරෝධය දැක්වීම, අදහස් ප්‍රකාශ කිරීම පුරවැසියා සතු ව්යවාස්ථාපිත අයිතියකි. එම නිසා මෙහිලා අත්තඩංගුවට පත් ජනමාධ්‍යවේදීන් ඇතුළු සෙසු පුරවැසින්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදී නීතියට අනුව කටයුතු කිරීමට පොලීසිය වගබලා ගතයුතු බව දැනුම් දෙමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පොලිස්පතිවරයා වෙත ලිපියක් (අප්‍රේල් 1 වන දින) මගින් දැනුම් දී තිබේ.