දයාපාල තිරාණගම විසිනි පෙරවදනමේ කෙටි සටහන තබන්නේ අදට යෙදෙන ඇලෙක්සන්ද්‍රා කොලොන්තායි (31/03/1872-09/03/1952) ගේ 149 වැනි ජන්ම අනුස්මරණය වෙනුවෙනි. ඇලෙක්සන්ද්‍රා කොලොන්තායි උපත ලැබුවේ සාන්ත පිටර්ස්බර්ග්හි ධනවත් සහ වංශවත් පවුලකය.වයස 28 දී රුසියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකාවක් වූ ඇය මුළුමනින්ම සිය කාලය කැපකරන ලද්දේ කම්කරු පාන්තික ස්ත්‍රීන් සංවිධානය කිරීම පිණිසය.කොලොන්තායි රුසියානු අධිරාජ්‍යයේ එවකට පැවති රටවල පමණක් නොව යුරෝපයේ සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පවා සමාජවාදය ප්‍රචාරය කල නිර්ධන පන්තික ස්ත්‍රී වාදිනියකි.බෝල්ෂෙවික් විප්ලවය සඳහා වූ නිර්ධන පන්තික ස්ත්‍රී සහභාගිත්වය පිණිස එවකට අවශ්‍ය වූ න්‍යාය සහ භාවිතාව ප්‍රවර්ධනය කල කොලොන්තායි බෝල්ෂෙවික් විප්ලවයේ අතිශයින්ම මුලික වූ…