මාධ්‍යවේදීන් නිහඬ කොට සත්‍ය වසන් කිරිමට උත්සාහ කරන රාජපක්ෂ රෙජිමය


නිරෝෂන් සුදුසිංහ විසිනි



ජනතාවගේ පරමාධිපත්‍යය සෘජුව ප්‍රකාශ කිරිම එම ජනතාව සතු මූලික අයිතියකි.ඡන්දය ලබා දිමෙන් සිදු කරනුයේ එම සමථ ජනතාවගේ පරමාධිපත්‍යය බලය තාවකාලිකව නියෝජනය කිරිමට භාරකාරිත්වයක් ලබා දිමයි. එම ඡන්ද බලයෙන් බලයට එනු ලබන ඔනෑම රජයක් රටේ හා ජනතාවගේ ආර්ථික සමාජීය තත්වය ඉහල නංවාලීම හා රටවැසියාගේ සෞභාග්‍යය සමෘද්ධිය ඇති කරලීම මූලික වග කීමකි.ඒ සදහා අවශ්‍ය විවිධ ව්‍යපෘති රට තුල ක්‍රියාත්මක කිරිම අත්‍යවශ්‍යය . රටතුල සිදුකරනු ලබන එවැනි ව්‍යාපෘති විනිවිධ භාවයෙන් සහ රටේ අභිවෘද්ධිය සදහාම ක්‍රියාත්මක වන්නේද යන්න සත්‍ය තොරතුරු  සොයා බලා රටවැසියාට දැන ගැනීමට සැලැස්වීම මුද්‍රිත සහ විද්‍යුත් මධ්‍යයේ වගකිමකි.

          ලාංකීය මධ්‍ය කලාව තුල මුද්‍රිත හා විද්‍යුත් මධ්‍යය රැසක් ක්‍රියාත්මක වන අතර ඒ ඒ  පක්ෂ  පාලන අධිකාරියට පත් කිරිම සදහා ඔවුන්ගේම න්‍යාය පත්‍රයට අනුකූලව වාර්ථා කරනයේ නියෙලෙන මාධ්‍ය ආයතන කිහිපයක් ද දැක ගත හැක .
            බොහෝවිට සත්‍ය වාර්තා කිරිම තම මරණ සහතිකය ලියවා ගැනිමක් බවට පත්වීම රාජපක්ෂ රෙජිමයේ පාලන සමයන් තුල අපට දැකගැනිමට ලැබූන  සුලභ සිදුවීම්ය. සන්ඩේ ලීඩර් කතෘ ලසන්ත වික්‍රමතුංග , ප්‍රගීත් එක්නැලිගොඩ වැනි ප්‍රවීණ මධ්‍ය වේදින්ගේ අභිරහස් මරණ සහ අතුරුදහන් විම් අදටත් නොවිසඳුණු අභිරහස්ය.
         අතීතයේ එවන් සිදුවීම්‍ නැවත නැවතත් සිදුවෙමින් පවති , සමාජ මධ්‍යයේ ක්‍රියාකාරිව සිටින  රාජපක්ෂ රෙජිමයේ අදූරද‍ර්ශි පාලනයට එරෙහිව හඩක් නැගු සුදත්ත නම් රංගන ශිල්පියා රහස් පොලීසිය වෙත කැදවා ප්‍රශ්නය කිරිම ,  මාධ්‍ය වේදියෙකුවන චමුදිත සමරවික්‍රම මහතාගේ  නිවසට මැර ප්‍රහාරක් එල්ල කිරිම වැනි සිදුවීම් මෑතක  සිදුවිය . ඒ සදහා ක්‍රියාත්මක පුද්ගලයන්   මේ දක්වා නීතිය හමුවට ගෙන ඒමට රාජපක්ෂ රෙජිමය අපොහොසත් විම තුලම මේ පිටුපස සිටින අදිසි හස්තය රාජපක්ෂ රෙජිමය සහ ඔවුන්ගේ සහචරයන්  බවට රටවැසියන්ගේ සාධාරණ  සැකයට තුඩු දේ.
  නවතම සිදුවීම් දෙකක් වාර්තා වන අතර ඉන් එක් සිදුවිමක් වාර්තා  වන්නේ රූපවාහිනී මහගෙදරෙන. එහි සේවයේ නියුතු මාධ්‍යවේදීනියක් ලෙස කටයුතු කරමින්  ” අරුණැල්ල, නුග සෙවණ , රිවි දින , චක්‍රාවාටය සහ ගුරු තලාව” වැනි විවිධාංගික වැඩසටහන් ඉදිපත්කල පාරමී රණසිංහ  වහාම ක්‍රියාත්මක වන පරිදි ජාතික රූපවාහිනී ආයතනයේ සේවයෙන්  ඉවත් කොට ඇත . එයට ප්‍රධාන හේතුව වශයෙන්  මුහුණු පොත තුල සටහනක් තබමින් පාරමී රණසිංහ සදහන් කරන්නේ ” ජනාධිපති ගෝඨාභය ෆේස්බුක් සමාජ මාධ්‍ය හරහා විවේචනය කිරිම ” තම සේවය අත්හිටුවිමට හේතුව වූ  බවයි. අද පටන් ජාතික රූපවාහිනීය මා හට තහනම් භූමියක් වූයේ මා මගේ මුහුණු පොතේ පෝස්ටුවක් හරහා බහුතර ශ්‍රී ලාංකික    ජීවිත ගැන අල්ප මාත්‍රයක් හෝ සංවේදී වීම නිසාය .ඇය පවසන මෙම හේතුව සත්‍යයක් නම් භාෂනයේ හා ප්‍රකාශනයේ නිදහස බරපතල ලෙස උල්ලංඝනය වී ඇති බව පැහැදිලි සත්‍යකි. භාෂනයට සහ ප්‍රකාශනයට අපට අත් නොහල හැකි අයිතිය ඇත.ජනාධිපති රාජ්‍ය නායකයා වූ පමනින් රාජ්‍ය සේවකයන් හට තම ප්‍රනියාගේ දුර්වලතා විවේචනය කිරිමට අයිතිය අහෝසි වන්නේ නැත .එසේ විවේචනය  කිරිමට සේවකයන් හට අවස්ථාව නොමැති නම් එයින් ම රටවැසියාගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරිමක් සිදුවන්නේය.
         ඇය ඇගේ ෆේස්බුක් සමාජ මාධ්‍යයේ මෙසේ සටහනක් තබමින්  ” හංස වෙස්ගත් පාත්තයින් රගන විටත් රූපවාහිනීය මට හුදු  දේශපාලනය කෙළිමඩලක් නොවිය” යනුවෙන් ප්‍රකාශකර සිටින්නීය .
        රූපවාහිනිය යනු ජනතාවගේ මුදල් කොල්ලකන, අන්ත දූෂිත රාජ්‍ය මාධ්‍ය ආයතනයක් ය. මේ ආයතනයේ රැකියාව කරන බොහෝ අය මාසික පඩිය සහ වරප්‍රසාද ලබා ගන්නේ පුටු රත් කරනවාටය. නැතිනම් පවතින ආණ්ඩුවට කඩේ යනවාටය. රටට තුට්ටු දෙකකවත් සේවයක් නොකරන මෙම ආයතනය මහජන මුදල් වැයකරමින් නඩත්තු කරන්නේ ආණ්ඩු පක්ෂයේ හිතසුව පිනිසය. ඒ ඔවුන්ගේ කූඨ ව්‍යාපෘති  ටික ජනතාව ඉස්සරහට ගෙනියන්නය. එහෙත් අද වන විට රූපවාහිනී ප්‍රේක්ෂකයන් වෙන චැනල් වලට මාරු වී ඇති නිසා ඒ දේශපාලන කුණු සේදීමටත් දැන් වළංගුභාවයක් නැතිය.
                    එහෙම තත්ත්වයක් තුළ නිකමුන්, දේශපාලන එහෙයියන් බල්ටි ගසන රූපවාහිනිය වැනි භූමියක, නිවේදන වුර්තියට නිසි ගෞරවය අරගෙන ආ යම් අනන්‍යතාවයක් පෙන්වනු ලැබූ මෙවැනි තරුණ නිවේදිකාවකට රූපවාහිනී බලධාරීන් සළකන්නේ මෙසේ නම් මෙම ආයතනවලට දිනෙන් දින සිදුවන පරිහානිය  අපිට තේරුන් ගත හැකිය.
පාරමී රණසිංහට තම මුහුණු පොතේ පොස්ටුවක්  නිසා රූපවාහිනියේ දොර වැසෙන විට හම්බන්තොට සිට මාධ්‍යකරණයේ නිරතවෙන රාහුල් සමන්ත හෙට්ටි ආරච්චිට කුප්‍රකට භාරත ලක්ෂමන් ඝාතනයට වැරදිකරු වී මරණ දඬුවමට යටත් කර සිටි පසුව ජනාධිපති සමාවෙන් සමාජගත කළ දුමින්ද  සිල්වා දුරකථන ඇමතුමක් ලබාදී තර්ජනය කරන්නේ පටිගත කල  දර්ශන හිරු නාලිකාවට ලබා නොදෙන ලෙසට ය. මෙම දූරකථන ඇමතුමත් එක්තරා ආකාරයකින් මාධ්‍යට කළ තර්ජනයක් සේ සැළකිය හැකිය. අනෙක් පැත්තෙන් මෙම ඇමතුම භාෂනයේ සහ ප්‍රකාශනයේ නිදහසට අනියමින් කළ බලපෑමක් ය.
      රජයේ ප්‍රබලයෙක් සහ ජනාධිපතිවරයාට අති    සමීප පුද්ගලයෙක් මෙලෙස මාධ්‍යවේදියෙකුට බලපෑම් කිරීම ලංකාවේ මාධ්‍ය නිදහසට බලපෑම් කරන ආණ්ඩුවේ ප්‍රබලයන් පිළිබඳව හොඳම නිදර්ශනයක් ය. මෙම මාධ්‍යට කළ අනිසි අතපෙවීම අප පිළිකුල්ව සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවක්  ලෙස හෙළාදැකිය යුතුය.
        භාෂනයට හා ප්‍රකාශනයට ඇති මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින්  රටවැසියාට තොරතුරු දැනගැනිමේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් ඔවුන්ගේ සහචරයන්ගේ බලපෑම් මත රාජපක්ෂ රෙජිමයේ න්‍යාය පත්‍රයට හිතැති මාධ්‍ය කරනයක් ගොඩනගා ගැනීමට උත්සාහ කරන ආකාරය රටවැසියාට ගම්‍ය වෙමින් පවති, සර්ව සාදරන, සමානාත්මතාවය හා ජනතා අයිතිවාසිකම් සුරක්ෂිත කරන ජනතාවාදී පාලන තන්ත්‍රයක් රටතුල ස්ථාපනය කිරිමට සැවොම පෙළ ගැසි ඒකා  මෙන් මාධ්‍ය නිදහසට ඇති අයිතිය වෙනුවෙන් අපි හඩ නගමු.
       නිරෝෂන් සුදුසිංහ

Loading