Milan Perera 21 Feb 2022 ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයට අයත් උඩුපි ප්‍රදේශයේ එක්තරා රජයේ උසස් විදුහලක (විශ්ව විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට පූර්ව පාඨමාලා පවත්වන විද්‍යාල) පසුගිය ජනවාරි පළවැනිදා උණුසුම් වාතාවරණයක් හට ගත්තා. එම විදුහලේ අධ්‍යාපනය ලබන මුස්ලිම් ශිෂ්‍යාවන්ට හිජාබය පැළඳීම තහනම් කිරීම ඊට හේතුව යි. ඒ දිනයේ දී හිජාබය පැළඳි ශිෂ්‍යාවන් සය දෙනකුට සිය පන්ති කාමරවලට ඇතුළු වීමට විදුහල් පරිපාලනය ඉඩ නොදුන් අතර, පත් වූ අපහසුතාව සම්බන්ධයෙන් සිසුන් මාධ්‍ය හමුවක් පවා පැවැත් වූ බව වාර්තා වෙනවා. හිජාබය සමඟ පන්ති කාමරවලට ඇතුළු වීමට ඉඩ දෙන ලෙස අවසර ඉල්ලා සිටි නමුත්, විද්‍යාල බලධාරීන් එය…