Milan Perera 6 Feb 2022 Originally From: https://roar.media/sinhala/main/reports/dabbawala-lunch-deliveries-on-the-road 2005 ජූලි මාසයේ දී ඉන්දියාවේ වාණිජ අග නගරය වූ මුම්බායි, අධික මෝසම් වර්ෂාවකට මුහුණ දුන්නා. පැය දොළහක් වැනි කාලයක් තුළ අඟල් 25 ක් පමණ උසකට මුම්බායි නගරය ජලයෙන් යට කිරීමට තරම් එම වර්ෂාව දරුණු වුණා. වාර්තාගත වර්ෂාපතනය හේතුවෙන් ලෝකයේ කාර්යබහුලත ම නගරයක් වූ මුම්බායි හි එදිනෙදා වැඩ කටයුතු තාවකාලිකව ඇණ හිටියා. ක්‍රම ක්‍රමයෙන් වැඩි වූ ජල මට්ටම හමුවේ බොහෝ නගරවාසීන් දුම්රිය ස්ථාන, පදික වේදිකා වල අතරමං වූ අතර, කිසිම බාධකයකට නැවැත්විය නොහැකි නගරයේ එක්තරා කාර්යශූර ශ්‍රමිකයන් පිරිසකටත් වර්ෂාවෙන් බලපෑම් එල්ල වුණා. මේ…