ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් සහ අයිතීන් නැවත දිනාගැනීම වෙනුවෙන් සටන්කිරීමට පෙළගැසෙමු!


Please Click on this Link to Sign the petition: https://chng.it/2rBd46Dnb6

By United Socialists


කම්කරු පන්තිය සහ වෘත්තීය සමිති ක්‍රියාකාරීන්, ශිෂ්‍ය ක්‍රියාකාරීන් වෙත කරන ආයාචනයයි!

මේ වන විට ශ්‍රී ලංකාව සිටින්නේ ආර්ථිථික කඩා වැටීමක් අභිමුඛව බව අමුතුවෙන් කිවයුතු නොවේ. වර්තමාන ගෝටාභභය රාජපක්ෂ ආණ්ඩුව සහ ඔවුන්ගේ ධනපති සහචරයන් ශ්‍රී ලංකාව මේ වන විට වැටී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා පවතින ධනේශ්වර පාලන රාමුව තුළින් විසඳුම් විසඳුම් ඉදිරිපත් කිරීමට නොහැකිව අසරණ භාවයව සිටී.

සේවකයින්ගේ වැටුප්, දීමනා සහ අයිතිවාසිකම්, ගොවි ජනතාවට ලබාදෙන සහනාධාර සහ මහජන සේවා කප්පාදු කිරීම හෝ රටෙහි වටිනා සම්පත් සහ රටෙන් කොටසක් (ඉන්දියාව, චීනය හෝ බටහිරට) විකිණීම තුළින් මේ අර්බුදය විසඳීමට හැකියාවක් නොමැත. ඒ තුළින් සිදුවන්නේ රට තවදුරටත් අර්බුදයට යාම පමණි. රටේ බහුතරයක් ජනතාව කොවිඩ් වසංගතයට අමතරව ආහාර හා අත්‍යාවශය භාණ්ඩ හිඟයකට මුහුන දෙමින් සිටී. පසුගිය වසර තුළ පමණක් මිලියන ½කට ආසන්න ජනතාවක් අළුතෙන් දරීද්‍රතාවයට පත්ව ඇත.

ජනතාව මුහුන පා සිටින ගැටලු වලට විසඳුම් ඉදිරිපත් කිරීම වෙනුවට වත්මන් ආණ්ඩුව තමන්ට හිතැති මහා පරිමාන ව්‍යාපාරිකයන් අතලොස්සකට වාසි අත්පත් කර දීම සඳහා ලබාගත් ණය සහ ඒ වෙනුවෙන් කරන ලද වියදම් ජනතාව පිට පැටවීමටත් කටයුතු කරමින් සිටී.

මේ ආකාරයට ගොඩ ගැසී ඇති ණය ගෙවීමේ වගකීම මේ අර්බුදය ඇතිවීම සඳහා කිසිඳු දායකත්වයක් දක්වා නොමැති රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයන්, ගොවියන්, ශිෂ්‍යයින් සහ අනෙකුත් පීඩිත ජනතාව පිට පැටවීම කිසිදු ආකාරයකින් අනුමත කළ නොහැකි කටයුත්තකි.

රජයක් වශයෙන් මේ මොහොතේ සිදුකළයුතු මූලික ක්‍රියාමාර්ගය වන්නේ හදිසි ආර්ථික සැළසුමක් ක්‍රියාවට නැංවීමයි.

  • ජාත්‍යන්තර මූල්‍ය ආයතන වලට ගෙවීමට තිබෙන විදෙස් ණය ගෙවීම වහා අත්හිටුවිය යුතුය, ප්‍රාග්ධන පාලනයක් ඇති කිරීම සහ අත්‍යාවශ්‍ය සේවා සහ ආහාර නිශ්පාදනය වෙනුවෙන් ඒ ප්‍රාග්ධනය යෙදවීමටත් අපි රජයට බල කර සිටිමු.
  • පෞද්ගලීකරණය වහාම නවත්වා සියළු බැංකු, රක්ෂණ සමාගම් සහ අත්‍යාවශ්‍ය සේවා ජනසතු කර ඒවා තුළ සේවකයින් විසින් ප්‍රජාතන්ත්‍රවාදීව පත්කරගන්නා ලද කම්කරු පාලනයක් ස්ථාපිත කිරීමට අපි බල කර සිටිමු.
  • අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් සඳහා මිල පාලනයක් ක්‍රියාත්මක කිරීමටත්, ගොවි ජනතාව ඇතුළු ජනතාව මත පටවා තිබෙන සියළු කුෂුද්‍ර ණය අහෝසි කිරීමටත් අපි බල කර සිටිමු.
  • ගුරුවරුන්ගේ සහ අනෙකුත් සේවකයන්ගේ හිඟ වැටුප් ලබා දීමටත්, වතු කම්කරුවන් සහ නිදහස් වෙළඳ කළාප සේවකයින්ද ඇතුළත්ව සියළු සේවකයන්ගේ අවම මූලික වැටුප වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම් වලට අනුකුලව වර්තමාන ජීවන වියදමට මුහුන දිය හැකි මට්ටමක් දක්වා වැඩි කිරීමටත් අපි බල කර සිටිමු.

පවතින ආණ්ඩුව හෝ පවතින සංස්ථාපිත ධනපති පක්ෂ කිසිවක් මේ යෝජනා හෝ ක්‍රියාමාර්ග සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොකරන බව අපි දනිමු.

නමුත් පවතින විරෝධය සමනය කිරීමට යම් ආකාරයක තාවකාලිකලික සහන ලබාදීමට ඔවුන් පොරොන්දු දෙති. කෙසේ වෙතත් දැනට අපහසුතාවයට පත්ව සිටින දස දහස් ගණනක් දිළිඳු සහ අඩු වැටුප් ලබන කම්කරු ජනතාවගේ අවශ්‍යතා සපිරීමට එවැනි පැලැස්තර විසඳුම් වලට හැකියාවක් නොමැත. කවුරුන් නායකත්වයට පත් කළ යුතුද යන්න ගැන සංස්ථාපිත ධනපති පක්ෂ අතර මතගැටුම් පවතින නමුත් තව තවත් ණය ගනිමින් දිනෙන් දින වර්ධනය වෙමින් පවතින ණය උගුල වෙතට තවදුරටත් රට තල්ලු කිරීමට ඔවුන් එකමුතුව කටයුතු කරනු ඇත.

අවාසනාවකට මෙයට විකල්ප විසඳුමක් ඉදිරිපත් කළ හැකි විපක්ෂයක් ද දක්නට නොමැත.

ගෝටාභයගේ ආණ්ඩුව ආර්ථිකය නැවත නඟා සිටුවීම පිළිබඳ ලබා දෙන බොරු පොරොන්දු අප බැහැර කරමු. ඒසේම සංස්ථාපිත ධනපති පක්ෂ සියල්ල අනාගතයේ සිදුවනු ඇතැයි කියන මනංකල්පිතත සංවර්ධනයක් පිළිබඳ හිස් බලාපොරොත්තුවක් ජනතාව වෙත අලෙවි කරමින් සිටී. නමුත් වත්මන් ආර්ථික සහ සෞඛ්‍ය අර්බුදය එක් පරම්පරාවක් සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇති බව ඔවුන් නොසළකා හැර තිබේ.

මීට අමතරව, වර්තමාන ඒකාධිපති ආණ්ඩුව ජනතාවගේ ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් කප්පාදු කිරීමට කටයුතු කරමින් සිටී. මේ මොහොතේ සැබෑ ජනතාවාදී විපක්ෂයක් බිහිවීමට ඇති හැකියාව ඔවුන් කපටි සහ උපායමාර්ගික ලෙස අවුරමින් සිටී. තවද මේ වන විට වත්මන් රජය වෘත්තීය සමිති ක්‍රියාකාරීන් සහ විරුද්ධවාදී දේශපාලන ක්‍රියාකාරීන් සංවිධාන්ත්මක ලෙස මර්ධනය කිරීමට කටයුතු කරමින් සිටී.

එමෙන්ම රටේ සෑම පොදු කටයුතු සඳහා හමුදාව භාවිතා කිරීම බරපතල අන්න්දමට වර්ධනය වී තිබේ.

රාජපක්ෂ රෙජීමය විසින් සියළු දෙනාගේ විරෝධයට භාජනය වී ඇති ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සංශෝධනය කරන මුවාවෙන් ජනතාව සහ ජාත්‍යන්තරය රැවටීමට කටයුතු කරමින් සිටී. අප අවධාරණය කරන්නේ වහාම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර සියළු දෙනාගේ මානව අයිතිවාසිකම් සුරක්ෂිත කරන ලෙසයි.

දේශපාලන අධිකාරිය අතලොස්සක් වන ඔවුන්ට හිතවත් ධනපතීන් සමඟ අත්වැල් බැඳගනිමින් ඔවුන් දැනට භුක්ති විඳින ලාභ ප්‍රයෝජන සහ ඔවුන් සතුව පවතින බලය ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටී. එමෙන්ම ඔවුන් විරුද්ධමතධාරීන් මර්ධනය කිරීම සඳහා විවිධ ජන කණ්ඩායම් අතර ඇති වෙනස්කම් උළුප්පා දක්වමින් ජනතාව බේද භින්න කිරීමට කටයුතු කරමින් සිටී. පැහැදිළි ලෙසම මෙම රෙජීමය ජාතිවාදී ප්‍රචාරණ කටයුතු හරහා බහුතරයක් වන සිංහල ජනතාව දෙමළ සහ මුස්ලිම් ජනතාව කෙරෙහි බිඳවීමට කටයුතු කරමින් සිටිති.

මේ තත්වයට මුහුන දීම සඳහා අප සියළු දෙනා එකමුතුව ඉදිරියට පැමිණ ශක්තිමත්ව කටයුතු කළ යුතුව ඇත.

වතු කම්කරුවන්ද ඇතුළත්ව සියළු සිංහල, දෙමළ, මුස්ලිම් වැඩකරන ජනතාවගෙන් සමන්විත ජනතාවගේ උවමනාවන් වෙනුවෙන් පෙනීසිටින ජනතාවාදී පොදු විරෝධතාවයක් ගොඩනැඟීමට එකමුතුවන මෙන් සියළු වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන සහ සමාජවාදී ප්‍රගතිශීලී කණ්ඩායම් වලට අපි ආරාධනා කරමු.

ඉහත සඳහන් ඉල්ලීම්ද ඇතුළත්ව ජනතාව වෙත පටවා ඇති පීඩනය ඉවත්කිරීමට රජයට බල කිරීම සඳහා මූලික ක්‍රියාමාර්ග ගැනීමට හැකි වැඩපිළිවෙළක් වෙනුවෙන් අප සියළු දෙනා එකමුතු විය යුතු කාළය එළඹ තිබේ.

අපගේ මූලික අවශ්‍යතා සහ අයිතින් දිනාගැනීම සඳහා ජනතා ඉල්ලීම් නියෝජනය කරන පොදු මධ්‍යස්ථානයක් ගොඩ නැඟීමේ අරමුණ වෙනුවෙන් පෙළ ගැසීමට වැඩබිම්, ආයතන සහ විශ්වවිද්‍යාල මට්ටමින් කමිටු ආරම්භ කිරීමට අප සියළු දෙනාට ආරාධනා කරමු. 

අරගලය වෙනුවෙන් පෙළ ගැසීම සඳහා වැඩබිම් හා ආයතන තුළින්, ප්‍රාදේශීය වශයෙන් සහ දිස්ත්‍රික්ක වශයෙන් පත් කරගන්නා ලද වෘත්තීය සමිති ක්‍රියාකාරීන්, සමාජවාදී ප්‍රගතිශීලී සංවිධාන සහ අනෙකුත් ක්‍රියාකාරීන්ගෙන් යුතු ජාතික සභාවක් ස්ථාපිත කිරීම සඳහා ඒ්කරාශි වෙමු.

Please Click on this Link to Sign the petition: https://chng.it/2rBd46Dnb6

Loading