ගස් ගල් පිළිම පාමුල!


රසික මුහන්දිරම් විසිනි


වණේ ඕජස් ගලන
මලේ කුණුවෙන සිරුර
බණේ හැටියට රකින
දනෝ ඉන්නා රටක
කිරෙන් සනහා වෘක්ෂ
මලින් ගවසා පතුළ
රනින් වටලා පිළිම
පිනෙන් පතලා නිවන
නමින්වත් නොහදුනන
නේක මසවුළු
පාට රස මුසුවුණ
දුටින් විසිකරනයුරු
හුස්මක් පණක් නැති
ගස් ගල් පිළිම පාමුල!

Loading

Related posts