චාල්ස් දයානන්ද විසිනි
වසර ගනනකට පෙර කුරුණෑගල විවෘත විශ්ව විද්‍යාලයේ පෙර පාසල් ගුරු පාටමාලාවේදි ලද අත්දැකීමකි..
එදා සාකච්ඡා කරමින් සිටියේ ලමුන් ලවා අපට අවශ්‍ය දේ ඇන්දවීම නොකල යුතු බවත් ලමුන් අදින දේ අගය කල යුතුය යන්නයි..ඔවුන් කුමක් ඇන්දත් ඒක එහෙම නෙවෙයි ..මෙහෙම අදින්න ..ආදී දේ නොකිවමනා බව සදහන් කල මා උදාහරණයක් ද කීවෙමි .
ලමයෙක් කපුටෙකු ඇද රතු පාට ගෑවොත් කලබල වෙලා ඒක වැරදියි කියා නොකියන ලෙසත් එහි ඇති නිර්මාණාත්මක බව අගය කල යුතු බවත් කීවෙමි ..කලු කපුටා රතු කිරීම නිර්මාණාත්මක වැඩකි.
මේ අවස්ථාවේ සිනාසෙමින් නැගීසිටි එක් ගුරුවරියක් ඇගේ අත්දැකීමක් විස්තර කරන්නට විය .ඇගේ පංතියේ දරුවෙක් අලියකු ඇද කොල පාට ගානු දැක එසේ නොව අලියා කලුපාට බවත් ගුරුවරිය කියා ඇත .එවිට දරුවා “..නෑ ..ටීචර් ..පාරෙ යන අලි කලුපාටයි..අදින අලි කොල පාටයි..” කියා ඇත ..
මද වෙලාවකින් ඇයට කාරණය අවබෝධ විය ..
ඒ දිනවල වයඹ පලාත් සභා මැතිවරණය ජයටම කෙරෙන බවත් තාප්ප ,බිත්ති වල කොලපාට අලි හැමතැනම ඇති බව ඇයට මතක් විය ..
දරුවන් අදින්නේ දුටු දෙය නොව සිතන දෙයයි..මේ තුළ ඇත්තේ දරුවාගේ විමර්ශන හා තර්කන ශක්තියයි .දරුවන් ගේ චිත්‍ර හැගීම් ප්‍රකාශන මිස ජායාරූප අනුකරණ නොවේ..
දරුවාට ඉගැවීමට පෙර දරුවාගෙන් ඉගන ගත යුතු බව අප කියන්නේ මේ නිසාය …