ප්‍රියන්ත වික්‍රමසිංහ විසිනි
2012 වැලිකඩ සිරකරු ඝාතනයට වරදකරු වූ නියොජ්‍ය බන්ධනාගාර කොමසාරිස් ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවාට මහාධිකරණය මගින් මරණ දඩුවම නියම කළේ ඊයේ සවස් කාලයේ ය.
ඒ වසර දහයකට පමණ පසු වින්දිතයන්ට යුක්තිය ඉටුවීම සනිටුහන් කරමිනි.
නඩු තීන්දුව ප්‍රකාශ කරමින් ත්‍රිපුද්ගල විනිසුරුමණ්ඩලය ප්‍රකාශ කර සිටියේ 2017 පසුව පොලිසිය වඩා උනන්දුවෙන් පරීක්ෂණ කටයුතු මෙහෙයවා ඇති බවයි.
එසේම සාක්ෂිකරුවන්ද 2015 රටේ සිදුවූ ආණ්ඩු වෙනසින් පසුව බිය සැක නොමැතිව සාක්ෂි ලබා දී ඇති බව ද තීන්දුවේ සදහන්ය.
තමන්ට මරණ දඩුවම ලබා දීමට පෙර එමිල් රංජන් ළමාහෙවා අවසන් වරට ප්‍රකාශ කර සිටියේ මෙය තමන්ට එරෙහිව සිදුවූ දේශපාලන කුමන්ත්‍රනයක් බවත්, NGO මේ කුමන්ත්රණය පිටුපස සිටින බවයි.
තමන් ඇතුළු සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව මෙහි වින්දිතයන් සහ සාක්ෂිකරුවන්ගේ ආරක්ෂාව සහ යුක්තිය වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටි අතර, මීට පෙර බන්ධනාගාර තුළ වාර්තා වූ මෙවැනි ඝාතන කිසිවකට චූදියන්ට මෙලෙස දඩුවම නියම වී නැති තත්වයක් තුළ ඒක චූදිතයෙකුට හෝ දඩුවම් ලැබීම දක්වා පැමිණි මේ ගමනට එය ඉතා ඉවහල් වන්නට ඇතැයි සිතන බව තීන්දුවෙන් පසුව පිළිබදව අදහස් දැක්වූ සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ කැදවුම්කරු නීතිඥ සේනක පෙරෙරා ප්‍රකාශ කර සිටියෙය.
තමන් යටතේ සිටි රැදවියන් ඝානයන වීම සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයෙකුට මෙලෙස මරණ දඩුවම් නියම වීම සිරකරුවන්ගේ ආරක්ෂාව පිළිබද ඉතා වැදගත් පුරාවාදර්ශටන් ඉතිරි කරයි.එසෙම අපරාධ යුක්ති ක්‍රියාධාමයට රටේ දේශපාලන පරිසරය කෙතරම් උදව් වන්නේ ද යන්න සහ රටේ පාලකයන් කවුරුන් වුවත් සිවිල් සමාජ සංවිධානය අදාල වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට සවියක් ලබාදෙමින් ක්‍රියා කරන්නේ නම්, නීතිය ක්‍රියාත්මක වන බවට මෙම තීන්දුව සාක්ෂි දරනු ඇත.
නීතිය නැමැති බස්සා තටු සලන්නේ ගොම්මනේදීය.
ඡායාරූපය – නඩු තීන්දුවෙන් පසුව සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ සාමාජිකයන් ඊයේ රාත්‍රියේ උසාවි භූමියෙන් පිටත පැමිණි අයුරු.