රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා විසින් මැදිහත් වී ඉතා කඩිනමින් විසඳුම් ලබාදිය යුතු ගැටලු සම්බන්ධයෙන් අද (01) දින පොදු දේපල හා මානව හිමිකම් සුරකීමේ මධ්‍යස්ථානය විසින් කොළඹ දී මාධ්‍ය හමුවක් පවත්වා රජය වෙත අවධාරණය කරන ලදී. ඒ අනුව ලිඛිතවද ජනපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන ලද අතර අදාල ලිපිය සැකෙවින් මෙසේ උපුටා දක්වමු. රාජ්‍ය නායකයා ලෙස වහා මැදිහත්වී විසඳුම් ලබා දෙන ලෙස කරනු ලබන ඉල්ලීමයි. ” පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය ” රාජ්‍ය, අර්ධ රාජ්‍ය, බැංකු හා පුද්ගලික අංශයේ වෘත්තීය සමිති ඇතුළු බහුජන සංවිධාන 21 කින් සමන්විත සංවිධානයකි. ඉතිහාසය පුරා…