ක්ෂණික කාර්යය වශයෙන්, අද ශ්‍රී ලාංකික ජනතාව මුහුණදී ඇති අර්බුධකාරී තත්ත්වය හමුවේ පැන නැඟිය හැකි අරාජිකවාදී තත්ත්වයට මුහුණදීමටත්, ඒවැනි කලකෝලාහල තත්ත්වයක් දඩමීමා කරගෙන ගෝඨාභය පාලන තන්ත්‍රය විසින් රටතුළ භීෂණයක් නිර්මාණය කිරීමටත් ඇති හැකියාව කෙරෙහි අවධානය යොමුකර, ඒවැනි තත්ත්වයක් ඇතිවීම වැලැක්වීම සදහා ජනතාව දැනුවත් කර පෙළගැස්වීමට වමේ සංවිධාන පෙරමුණ ගත යුතුව ඇතැයි ආසියානු කොමියුනය අවධාරණය කරයි. (20+) Facebook 1. වෙන කවරදාකටත් වඩා අද ශ්‍රී ලංකාවේ වමේ ව්‍යාපාරය යළි ගොඩනැගීමේ හදිසි අවශ්‍යතාවක් පවතින බව මෙම සාකච්ඡාව තුළින් අපි තර්ක කරමු. බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලකයන් දේශපාලන බලය ශ‍්‍රී ලාංකීය ප‍්‍රභූ පැලැන්තියට පවරා වසර…