වෘත්තීය සමිති සේවකයාගේ අභිවෘධියටයි…
පාර්ලිමේන්තු මන්ත්රී හර්ශන රාජකරුණා මහතා ATG පාලකයින්ට දැනුම්දෙයි .
වතුපිටිවල ආයෝජන ප්රවර්ධන කලාපයේ පිහිටි ATG ආයතනයේ සේවකයින් විසින් පිහිටුවාගත් වාණිජ හා කාර්මික සේවක සංගමය ATG ශාඛාව පිළිනොගනිමින් එහි නායකයින් 16දෙනෙකු සේවයෙන් නෙරපීමට ATG පාලකයින් කටයුතු කර තිබේ.
ATG පාලකයින්ගේ මෙම ම්ලේච්ච ක්රියාපිළිවෙත පිලිබඳ ප්රදේශයේ දේශපාලන නායකයින් දැනුවත් කිරීමේ වැඩ පිලිවෙල ඉතා සාර්තකව සිදුකල ඇති අතර එහි ප්රතිපලයක් ලෙස ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී හර්ශන රාජකරුණා මහතා සේවයෙන් පහකල සේවකයින් 16 දෙනා යලිසේවයේ පිහිටුවන ලෙස ATG ආයතනයට ලිඛිතව දන්වා ඇත.
එම ලිපිය පහතින් දක්වා ඇත.