ජගත් ගුණවර්ධන විසිනි ශ්‍රී ලංකාව තුල රැහැන් මාරාගේ උප-විශේශ දෙකක ප්ක්ශීන් හමුවේ.මින් එකක් වන Terpsiphone paradisi ceylonensis ශ්‍රී ලංකාවේ නේවාසික හෙවත් නිත්‍යවාසියෙකු වේ.මේ උප-විශේශයේ පිරිමි සතාගේ ශරීරයේ ඉහල කොටස් තැඹිලි-දුඹුරු පාටක් ගනී.එසේම වලිගයේ මැද පිහාටු යුගලය ඉතා දිග රැහැන් ලෙස වර්ධනය වී තිබේ.මේ උප-විශේශය ශරීර වර්නය නිසා “සිවුරු හොරා” ලෙස හැඳින්වේ.මේ උප විශේශයේ පක්ශීන් හිසේ වඩාත් දිගු සිලුවක් සහිත වන අතර පිරිමි සතුන් සාපේක්ශව කෙටි රැහැන් සහිත මෙන්ම සුදු පාට ලැම සහ උදරයක් සහිත වේ. ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමනය වන Terpsiphone paradisi paradisi උප-විශේශයේ පරිනත පිරිමි සතුන් සුදු පාට ශරීර…