විශාල ඉරටුකූරා ශ්‍රී ලංකාව තුල සීමිත ව්‍යාප්තියක් පෙන්නුම් කරන්නෙකි.

ජගත් ගුණවර්ධන විසිනි

Oriental Greenwing(Neurobasis chinensis)–Male

මේ විශාල ඉරටුකූරාගේ කුඩා හිසත්, සිහින් සහ එකාකාරී මහතකින් යුත් උදරයත්, සිහින් සහ ඉතා දිගු පාදත් ලාක්ශනික වේ.පිරිමි සතාගේ ශරීරය මුලුමනින්ම දීප්තිමත් සහ ලෝහමය දිස්නයකින් යුතු නිල්-කොල පාටක් ගනී.
පිරිමි සතාගේ පූර්ව පියාපත් වර්න රහිතව හෝ ඉතා ලා දුඹුරු පාටකින් යුක්තව සහ​ අපර පියාපත්වල යට පැත්ත තද රතු දුඹුරු පාටකිනුත්,උඩ පැත්ත ලෝහමය දිස්නයක් සහිත තද කොල​-නිල් පාටකිනුත් යුක්ත වේ.මේ විශේශයේ පිරිමි සතුන් තම පියාපත්වල වර්න ලප (pterostigma) නොදැරීම විශේශිත ලක්ශනයකි. අපර පියාපත්වල උඩ පැත්තේ තිබෙන මේ දිලිසෙන වර්න සාමාන්‍යයෙන් පෙනෙන්නේ පියාසර කරන අවස්ථාවලදීය​.
පහතරට තෙත් කලාපයේ මෙන්ම ඊට යාබද පහල කඳුකර ප්‍රදේශවල ව්‍යාප්තවී සිටින්නෙකි.ගලයන ජලය සහිත දිය පාරවල් වල හමුවන මේ ඉරටුකූරා ජලයෙන් ඉහලට නෙරා තිබෙන ගල්වල​,ජලජ සහ ජලාශ්‍රිත ශාකවල පත්‍ර මත සහ ජලයට යොමුවී තිබෙන ගස් සහ පඳුරුවල අතු මතත් වසන්නෙකි.
ශ්‍රී ලංකාව තුල සීමිත ව්‍යාප්තියක් පෙන්නුම් කරන්නෙකි.මේ වන විට අතීතයේදී හමුවුනු ඇතැම් ජල මාර්ගවල හමු නොවේ.
ජාතික රතු දත්ත ලේඛනයට අනුව මෙම විශේශය වඳවීමේ තර්ජනයට පාත්‍රී (Vulnerable)(VU) ලෙස දක්වා තිබේ

Loading