වසරකට බිලියන 8ක් වන සේ වසර 20ක් තුළ ගස් වැවුවොත්, පෘථිවියට මොකද වෙන්නේ? The conservation වෙබ් සඟරාවේ Curious Kids විශේෂාංගය වෙත මේ ප්‍රශ්නය යොමු කර ඇත්තේ ඉන්දියාවේ බිහාරයේ, නවාදා හී ශිවම් කේ. නමැති 14 හැවිරිදී ළමයෙකුයි. ළමයෙකු විසින් අසනු ලැබුවත් මේ ප්‍රශ්නය පෘථිවිය මත වෙසෙන ලොකු කුඩා අප කාටත් වැදගත් කාරණාවක්. අපට පිළිතුරු සපයන්නේ සැන්ටා කෲස් හි, කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ප්‍රතිසාධන පරිසර විද්‍යා(Restoration Ecology) මහාචාර්ය කැරෙන් ඩී. හොල්(Karen D. Holl) ය. දේශගුණ විපර්යාසය මන්දගාමී කිරීමට නම් මිලියන ගණන්, බිලියන ගණන් හෝ ට්‍රිලියන ගණන් පවා වශයෙන් වැඩි වැඩියෙන් ගස් සිටුවන්නැයී දේශපාලඥයෝ,…