Republished From: https://www.youtube.com/watch?v=Mj03Z-1SrNE&t=144s ~ බුද්ධ ඝාතනය ~ ඊයේ දුටුව සිහිනයක බුදුන්ට වෙඩි තැබුණි ඝාතනය කළෝ එතුමන්ව සිවිල් ඇඳුමින් සැදුන සෙබලුමය ආණ්ඩුවේ.. ලේ ගලන ශ්‍රී දේහය තිබුනෝය බෑවී යාපනේ පොත්ගුලේ පියගැට පාමුලේ.. රැයේ අඳුරේම ඇමතිවරු ආහ “මේ නම නම් නැත අපේ ලැයිස්තුවේ.. ඉතින්, අහවල් දේට මරාදැමුවේ ද ඔහුව?” ගුගුලෝය ඇමතිවරු. “අනේ නෑ සර්.. වැරැද්දක් නම් නෙවෙයි.. එතුමන්ව නොනසා මැස්සෙක්වත් මරන්න බැහැ අපිට” පිළිවදන් දුනි සෙබල මුළ. “හරි හරි.. අහක්කරනවා මළකඳ වහාම ඔතනින්” අණ දුන්නු ඇමතිවරු නික්මුණහ සැනෙකින්.. ඇදගෙන ගියහ ඇතුලට බුදුන්ගේ ශ්‍රී දේහය පොත් අනූහය දහසකින් චිතකයක් තනවා හොඳින් සැඟවූහ එතුමන්ව..…
![]()