මියගිය අය සිහිකිරීමට පාට දෙකේ කොඩි උවමනාදැයි වීරවංශ කල ප්‍රශ්න කිරීමක් දක්නට ලැබුනි. ඉල් මහ දකුණේත් උතුරේත් අරගල වලින් මියගිය අය සමරන මාසයකි. දකුණේ විරුවන් සමරන්නන් රතු පාට කොඩි වැල් අදිති. රතු කොඩි ගස් සිටුවති.. උතුරේ රතු කොඩි නොව ඔවුනට ආවේනික කොඩි ඔසවසති. දකුණේ ඔසවන කොඩි ගැන උතුරේ ජනයා ප්‍රශ්න නොකරන මුත් උතුරේ ජනයා කොඩි උසවන විට දකුණේ බොහෝ අයගේ ඇගේ කහබිලියා ඇතිල්ලුනා සේ, කටුස්සන් ඇගේ යන්නා වැනි වෙති. උතුරේත් දකුණේත් තරුණයින් අවි අතට ගත් හේතූ ගැන ඔවූහු කතා නොකරති. අසමාන ලෙස , අවමං සහගත ලෙස සැලකීම මේ කොඩි හුටපට…
![]()