කුරුණෑගල අධ්‍යාපන කලාපයට අයත් පාසල්වල සේවයේ නියුතු ගුරුවරුන් දහසකට වැඩි පිරිසක් අද (25) පස්වරුවේ වයඹ ආණ්ඩුකාර කාර්යාලයට යාමට උත්සහා කළද වයඹ පළාත් සභා සංකීර්ණයේ ප්‍රධාන පිවිසුම් දොරටුව අසල පොලිසිය විසින් එය නතර කරනු ලැබීය. වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා ගුරුවරුන් සම්බන්ධයෙන් ඉකුත් දා කළ ප්‍රකාශයට විරෝධය දක්වමින් මෙම ගුරු පිරිස ආණ්ඩුකාර කාර්යාලය වෙත ගමන් කිරීමට උත්සාහ කළහ. කුරුණෑගල ඔරලෝසු කණුව අසල සිට කිලෝ මීටර් භාගයකට වැඩි දුරක් විරෝධතා පා ගමනින් පැමිණි පිරිස පළාත් සභා සංකීර්ණය වෙත ළඟාවූහ. ප්‍රධාන පිවිසුම් දොරටුව සියයකට වැඩි පොලිස් බලඇණියක් යොදවා තිබූ අතර ආණ්ඩුකාරවරයා හමුවීමට…
![]()