විජේපාල වීරකෝන් විසිනි මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙන්ම දේශපාලනයද පවතින්නේ දැඩි අර්බුදකාරී වාතාවරණයකය. රටේ පාලනය ආණ්ඩුවෙන් ගිලිහී පවතී. භාණ්ඩ මිල පාලනය සහ නිෂ්පාදනය සම්පූර්‍ණයෙන්ම පාහේ පවතින්නේ ජාවාරම්කරුවන් අතේය. අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල පාලනයට ගන්නා සෑම පියවරයකටම විරුද්ධව ජාවාරම්කරුවන් එම භාණ්ඩ වෙළඳපොලෙන් අතුරුදන් කිරීමට පියවර ගත්තේය. මෙම ක්‍රියා මාර්‍ගය හා සමානුපාතිකව රටේ ජනතාව කබලෙන් ලිපට වැටී ඇත. ගෑස් මිල ඉහල දැමුවේ දෙගුණයකිනි. සහල්, සීනි, කිරි පිටි, පාන් පිටි, සිමෙන්ති ආදී ද්‍රව්‍යවල මිල ඉහල ගියේ ඉතා විශාල ප්‍රමාණයකිනි. මෙම කාලය තුල වැඩ කරන ජනතාවගේ වැටුප ශතයකින්වත් වැඩි නොවුනි. ඩොලර් නොමැතිකම නිසා ආණ්ඩුව…
![]()