22. 07. 2022 මාධ්‍ය නිවේදනයයි. අරගල භූමියට එල්ල කළ අමානුෂික ප්‍රහාරය තරයේ හෙළාකිමු. රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්ව පැය 24ක් ගතවීමටත් මත්තෙන්, අද (22) අලුයම ගෝල්ෆේස් අරගල භූමියට ආරක්ෂක හමුදා යොදවා එල්ල කළ අමානුෂික හා පිළිකුල්සහගත ප්‍රහාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තරයේ හෙළාදකී. මෙහිදී අදාළ සිදුවීම් වාර්තා කළ දෙස් විදෙස් මාධ්‍යවේදීන්ටත්, සමාජමාධ්‍යවේදීන්ටත් පහර දී ඇති අතර මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණවලටද හානි සිදු කර තිබේ. මාධ්‍යවේදීන්ට සිදු වී ඇති පහරදීම් හා හානි පිළිබඳ මෙතෙක් සම්පූර්ණ තොරතුරු ලැබී නැත. ගෝල්ෆේස් අරගලභූමියට ප්‍රවේශ වන සියලු මාර්ග අහුරා ඇති අතර උදෑසන වන විටත් එහි ඇතුළු…
![]()