By Raju Prabath Lankaloka රනිල් රාජපක්ෂ රෙජීමය දියත් කොට ඇති මර්ධනය මේ වනවිට කම්කරු පන්තියේ නායකත්වය වෙතද එල්ල වෙමින් පවතී. ‘වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව’ ලෙසින් ගොනුව ඇති සංවිධාන එකතුවේ ඉතා ක්‍රියාකාරී කාර්‍ය භාරයක් ඉටුකළ ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සහෝදරයා අත් අඩංගුවට ගැනීම එහි තීරණාත්මක සන්ධිස්ථානයයි. ඔහුව අත් අඩංගුවට ගෙන පැය කිහිපයක් ඇතුළත බැංකු සේවක සංගමයේ ක්‍රියාකාරීන් දෙදෙනෙක්වද අත් අඩංගුවට ගෙන තිබුණි. ඔවුන්ද වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුවට සම්බන්ධව සිටි අයය. ජෝසප් ස්ටාලින් සහෝදරයා අත් අඩංගුවට ගත් අවස්ථාවේදී පොලීසිය ක්‍රියා කළ ආකාරය මුළුමණින්ම අනීතිකය. තනි පුද්ගලයෙකු…
![]()