ඥානසිරි කොත්තිගොඩ විසිනි “විනාස කාලේන විපරීත බුද්ධිඃ” කියල සංස්කෘත ශ්ලෝකයක තිබෙනවා. විනාසය ලඟා වෙද්දී බුද්ධියද විපරීත වෙනව කියල තමයි මෙයින් කියැවෙන්නේ . ලිබරල්වාදීන් ගේ ගති ලක්ෂණ කිහිපයක් ගැන මා මෙයට පෙර ලිව්ව. එමනිසා ලිබරල්වාදයේ දර්ශණය පිලිබඳ යමක් ලියන්න ඕන කියල හිතුව. ඒ අල්ල පනල්ලේ රනිල් නොහොත් පුංචි ඩිකී සිය උටෝපියාවේ සිහින කුමරා කරගත් කෙනෙක්වන චින්තන ධර්මදාස ලිබරල්වාදය පිලිබඳව ලියල තිබුණ. ඔහු මෙහෙම ලියනව. “ලිබරල්වාදය යනු පුද්ගල අයිතිය සහ නිදහස පිළිබඳ දර්ශනය විදිහටයි මං කියවලා තියෙන්නෙ. රජය විසින් තමන් පාලනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයාගේ කැමැත්ත සහ සමාන අවස්ථා සමාන පිලිගැනීම් වෙනුවෙන්…
 ![]()