ඥානසිරි කොත්තිගොඩ විසිනි ගමේ අම්මලා පොඩි එවුන්ට කෑම කවන්න ඕන වුනාම බිල්ලෝ ගැන විවිධ කතා කියනව. පොඩි එකාගේ මුළු අවධානය කතාවට ආකර්ශනය වෙද්දී අම්මා හෙමි හෙමිහිට කෑම ටික කවනව. නැවත වතාවක් කෑම කවන්න ඕන වුනාම ඒ උපායම පාවිච්චි කරලා කෑම ටික කවා ගන්නව. බිල්ලෝ කතා දරුවාට කෑම ටික කවාගන්නකම් පමණයි. අපේ රටේ පාලකයනුත් සිය පැවැත්මට අභියෝගයක් වනවිට ගමේ අම්මල බිල්ලො ගැන කියනව වගේ ජාතික ප්‍රශ්නය පිලිබඳ බිල්ලා කරළියට ගන්නව. එක්සත් ජාතික පක්ෂ (එ ජා ප) නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ නැවත වතාවක් ජාතික ප්‍රශ්නයට විසඳුම් දෙනව කියල බිල්ලෝ කතාවක් ආරම්භ කරලා.…
![]()